ගෑස් ගැන සම්පූර්ණයෙන්ම ප්‍රමිතිය තීරණය කිරීමේ බලය ප්‍රමිති ආයතනයට! (VIDEO)

Date:

ගෑස් හා ඊට අදාළ උපාංග ගැන ප්‍රමිතිය තීරණය කිරීම මෙන්ම ඒ ගැන අධීක්ෂණය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත ලබා දීමට කටයුතු කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉතා ඉක්මණින් නිකුත්වනු ඇති බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ.

1960න් පසු ගෑස් සම්බන්ධ ප්‍රමිතිය ගැන කිසිදු රාජ්‍ය ආයතනයක් සොයා බැලීමක් කර නොතිබුණු අතර මීට සති කිහිපයකට පෙර පාරිභෝගික අධිකාරිය විසින් ප්‍රමිති ආයතනයට එම බලය ලබා දෙන ලෙස කර තිබෙන ඉල්ලීම ආනයනය අපනයන පාලක වෙත යොමුකර තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ඊට අදාළ ලිපිය ආනයනය අපනයනය පාලක විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නිකුත් කර ඇති බවද අලගියවන්න මහතා කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...