සතියෙන් සතිය – 1 : රනිල්ගෙ පන්ති ප්‍රේමය, මහින්දගෙ තිරුපති වන්දනාව සහ සූර පප්පලා

Date:

මහින්ද තිරුපති ගියා. මේ තිරුපති වන්දනාවෙ ගිය පළමුවැනි දේශපාලනඥයා නෙමෙයි නෙ. හැබැයි කට්ටිය අල්ලගෙන තලන්නෙ නිකං හරියට ඒ වගේ.

ඔය රනිල් එහෙම ශරීර බරට රත්තරන් දෙනව තිරුපතිවලට නිතර නිතර. ඒ විතරක් නෙවෙයි, ධාතු කරඬු ඉස් මුදුනින් ගත්ත වාමාංශිකයොත් දැකල තියෙනවනෙ අපි.

නිතර පන්සල් යන මහින්ද තිරුපති කෝවිල් ගිය එක මතුකරලා හීනියට ජාතිවාදය මතුකරපු තැන් දෙක තුනකුත් පේන්න තිබුණා. හෙන කැතයි ඒවා.

ලංකාවේ ගොඩක් ලිබරල් චින්තකයො යටින් හීනියට ජාතිවාදියි. දෙමළ ජනයාගේ අයිතීන්වලට පණ දෙන්න කතා කරලා, මහින්ද තිරුපති යන එකට සියුම් උපහාස දාන්න ඒ සමහරු හරි දක්ෂයි.

මේ රටේ මිනිස්සු කරදරයක් වුණාම දෙයියො – බුදුන් දෙන්නගෙම පිහිට පතනවා. ඉතින් මහින්ද කියන්නේ මේ රටේ සමස්ත මිනිස්සුන්ගේ මහා සංකේතය. ඒ අර්ථයෙන් එයා තිරුපති නොගියොත් තමයි පුදුම.

සමාජ ආර්ථික දේශපාලනික වශයෙන් ‘දෙයියො – බුදුන් සිහිවෙච්ච වෙලාවක’ තිරුපති යන මහින්දව මෙච්චරම තලන එක හේතුවක් තමයි දෘෂ්ටිමය දුගී භාවය. මීඩියා දේශපාලනයේ ගැලරි සුරතාන්තය තව හේතුවක්.

ලංකාවේ සමාජය, සමාජ ආර්ථික දේශපාලනික වශයෙන් ‘දෙයියො – බුදුන්’ සිහිවෙන මට්ටමේ කියල හරියටම තේරුම් අරගෙන තියෙන්නේ රනිල්. තව විදිහකින් කිව්වොත් මහින්ද මුහුණපාල තියෙන තත්ත්වය හරියටම තේරුම් අරගෙන තියෙන්නේ රනිල්.

ඒ දෙන්නා කොහොමත් එකිනෙකාගේ හිත් කියවන්න දක්ෂයි. ඒක සංසාරගත දේශපාලන ආදරයක්. ඒ ආදරයට අමතරව දැන් රනිල්ගෙන් මතුවෙලා තියෙන්නේ පන්ති ප්‍රේමය.

ඒ නිසා තමයි එයා විශේෂ ප්‍රකාශයක් කරලා තියෙන්නේ සිස්ටම් එක ගොඩ දාන්න තියෙන ක්‍රම සහ විධි මතක් කරලා. එයාගෙ විශේෂ ප්‍රකාශයේ විශේෂයෙන් සඳහන් කරනවා, ආණ්ඩුව විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවත් අර්බුදයට යන්න පුළුවන් ජනතා කෝපය පුපුරා ගියොත් කියලා.

රනිල් මේ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. “පක්ෂ අතර තියෙන ප්‍රශ්න පස්සෙ බේරගමු.. IMF එක්ක එකතු වෙලා තව ණය ටිකකුත් අරගෙන මොකක් හරි දහං ගැටයක් දාල සිස්ටම් එක බේරගනින් මස්සිනා.. එහෙම නැත්නම් උඹේ කටෙත් පස්. මගේ කටෙත් පස්. බැරි වෙලාවත් ලංකාවේ උන් චිලී රාජ්‍යයේ උන් වගේ තීරණයක් ගත්තොත් අපි මේ කරගෙන ආව මාරුවෙන් මාරුවට බට්ටා පනින සෙල්ලම කම්මුතුයි..” ඔන්න ඕකයි රනිල්ගේ පණිවිඩය. රනිල්ගේ මහින්දගෙ හොඳ වෙලාවට මෙහෙ තාම මොඩ් වමක් නෑ.

ඉතින්, මහින්දගෙ තිරුපති වන්දනාව කියන චුවිංගම් එක හප හප ඉන්න දේශපාලන බබාලට අපි කියන්නේ රනිල්ගේ මැසේජ් එක නැවත කියවන්න කියලයි.

අර සූර පප්පා එකේද කොහෙද ඉන්න දෛවඟයා වගේ එයා කියනවා, “ඔව් මට පේනවා සිස්ටම් එකට කෙලවෙනවා.. වහාම සිස්ටම් එක බේරගන්ඩලා..” කියලා.

ප්‍රශ්නෙ මේකයි. රෝමන් කාරයො දැනටමත් අර්බුදය තේරුම් අරගෙන. ඒත් සූර පප්පලා ජිම් පප්පලා තාම ගෝල් දේශෙ බෝල් ගහනවා. ඒ ගොල්ලො හිතාගෙන ඉන්නේ ජනතාව දැන් තමන්ට මැජික් අරිෂ්ටෙ පොවන්න ලෑස්තියි කියල. මේ පේන රැල්ල ඇත්ත රැල්ලක් කරන්න ඇත්තට වැඩ කරන්න ඕන. මොකද රැල්ල තාමත් ආදරේ පරණ වැල්ලටම තමයි.

බිම් මට්ටමේ මුකුත්ම නොකර ෆේස්බුක් මට්ටමේ විතරක් වැඩ කරලා හෝ සංකල්පීයව මෙන්ම සංවිධාන ආකෘති වලින් මෙන්ම තරුණ ජවයෙන් අලුත් නොවී ගතානුගතික පප්පලා එක්ක විතරක් ඉස්සරහට ගියොත් ඉතින් රෝමන්කාරයො ඒකාන්තයෙන්ම සටන දිනනවා. මොකද දේශපාලනය කියන්නේ ටෙලිවිෂන් කාටූන් එකක් නොවන නිසා.

(මතු සම්බන්ධයි)

  • තාරක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...