ධනපතියන් බේරලා පීඩිතයන්ට ගහපු අසාධාරණ බද්දක් ….

Date:

ආන්ඩුව ලක්ෂ දෙක තුන පඩිගන්න අයගේ බදු අඩු කරලා ඒකට හරියන්න බැංකු තැන්පත් කරුවන්ට ගැහුවා.

මෙතනදි, පුලුවන් කාලේ කීයක් හරි හොයාගෙන බැරි කාලේ ඒක පොතේ දාලා පොලියෙන් ජීවත් උන අයට පිහියෙන් කෙටුවා වගේ වැඩක් තමා ආන්ඩුව කරේ..

සංස්ථාවල, මණ්ඩලවල, නැත්නම් පුද්ගලික අංශයේ මොකක් හරි රස්සාවක් කරලා අන්තිමට හම්බවෙන ෆන්ඩ් එක එක පොතේ දාලා ඒකේ පොලියෙන් ජීවිතේ ගැටගහගත්ත එහෙම නැත්තම් පරම්පරාවෙන් ලැබුන පොඩි ඉඩමක් කඩමක් හරි විකුණලා ඒ සල්ලි පොතේ දාලා පොලියෙන් ජීවත් උන මිනිස්සුන්ට තමා මේකෙන් කැත විදියටම බඩේපාර වදින්නේ..

මේ බද්ද ගහන්නේ ලක්ෂ එකහමාරකට වඩා පොලිය ගන්න අයට විතරයි කියන කතාව තනි ප්‍රෝඩාවක්.. මොකද මේ කපපු සල්ලි ආපහු ගන්න නම් ටැක්ස් ෆයිල් එකක් ඕන.. තිස් හතලිස් දාහක් පොලිය ගන්න මිනිස්සුන්ට ටැක්ස් ෆයිල් නෑ.. මෙතනදි කැපෙන සීයට දහය ආපහු ගන්ට ටැක්ස් ෆයිල් එක්ක් හදා ගන්නව කියන්නෙ තව මරාලයක් දාගැනීමක්..

කොහොම හරි ටැක්ස් ෆයිල් තියෙන ලොකු ලොකු බිස්නස් කාරයින්ට මේක ආපහු ක්ලේම් කරගන්න පුළුවන් ..

මේක ලොකු ලොකු උන් බේරලා පොඩි උන්ට අත ඇරපු අසාධාරණ බද්දක්..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!