අශෝක ජයතුංග
දෙසැම්බර් 28 වොෂින්ටන් LNW :
🍎ජනපති අනුරට තබා සක්‍රයාටත් තනියම හැමදේම කළ හැකිද….?
🍎ආණ්ඩුව මධුසමය සමබර කරගැනීමේ වෑයම…..?
🍎බුරුල් වූ ඇන මුරිච්චි තිබේ නම් තද කරගැනීම අසීරු නැත?
🍎විපක්ෂය ආශීර්වාදයක්වීම හා කෙදිරිලි…?
🍎වඩා වටින්නේ අත්දැකීම් ද දක්ෂතා ද……?
🍎මාළිමා සමාජ මාධ්‍ය නඩය අලස වෙලා ද……?
🍎සේපාල් අමරසිංහ දුර දකිනවාද වෙනත් ගේමක්ද..?
🍎ආණ්ඩුවේ මතය කීමට ඇමතිලා උනන්දු නොවුණොත්…?
🍎ජනපති අරමුදලේ නම් ලැයිස්තුව භූමරංගයක් ද……?
🍎සතොස දැමූ හාල් ටෙන්ඩර් ජෝන් බාස්ට යාම….?
🍎ටයිකෝට් වලින් විසදුම් ලැබේද……?
[ඔිනම ආණ්ඩුවක් පත්වූවිට එළඹෙන මදුසමය තුළ ජනතාවට සහන දෙමින් රටට හිතැති අලුත් ආකර්ශනීය දේ කරමින් ජනප්‍රියත්වය වැඩිකර ගැනීම සාමාන්‍යයෙන් දෙයකි. 77 එජාපය ලැබූ 5 / 6 ක ජනවරමද අභිභවා පැමිණි මේ ආණ්ඩුව ඒ තත්වයට පත්වීම පමා වන්නේ ඇයිද යන්න පැහැදිලි නැත. බංකොලොත් රටක් බාරගැනීම හේතුව බව කිව හැකිමුත් ඩො මිලි 20 ක හිස් ලාච්චුව බාරගත් “කජුසීයා” ගියේ ඩො මිලි 5800 ක් ලාච්චුවේ පුරවලාය. සීයාගේ L බෝඩ් කතාව මහා උපහාසයක් වුවද එහි ඇත්තක් තිබේදැයි සමහරු හිතන තැනට තල්ලු වුණොත් එය අවාසියකි. මාළිමාව බලයට ගෙනා සමාජ මාධ්‍යයේ නව හැසිරීම ද බලවතුන් සිතට ගැනීම වැදගත් වන්නේ එහෙයිනි. “ඒත් අපි මාළිමාවට” යයි එදා වෙනත් සාධාරණ හා තාර්කික මත සමග ද මරාගත් පිරිස අලස වෙලා ද යන්න ඊලග ප්රෙහෙලිකාවය. තවද මාළිමාවට ශක්තිය දෙමින් බුද්ධිමත් සමාජය ආමන්ත්‍රණය කළ සේපාල අමරසිංහ වැනි අයගේ දෝලනය ඔහුගේ දුරදක්නා දේශපාලනය ද නැතහොත් වෙනකක්දැයි විමසා බැලීම වටී.
ආණ්ඩුවට අතදිගහැර වදින තර්ක වලට ප්රතිතර්ක ගොඩ නැගීම හා කරුණු වටහාදීමේ මන්දගාමී බවින් අත්මිදීම හදිසි අවශ්‍යතාවකි. ආණ්ඩුවේ මතය දැන ගැනීමට බොහෝ ඇමතිලා දුරකතනයට ගැනීමට නොහැකි බව ජනමාධ්‍ය තුළ පවතින මතය ද ඉක්මනින් නිවැරදිවීම ජනතා වුවමනාවකි. විපක්ෂය ආණ්ඩුවට ආශීර්වාදයක් වුවත් එම කෙදිරිලි කැපී පෙනෙන ලෙස ඉස්මතු වන්නේ එම හිඩස තුළ බව ආණ්ඩුව තේරුම් ගන්නවා නම් එහි වාසිය ඔවුන්ටමය. “යම් අඩුවක් තිබෙන බව අපටත් දැනෙනවා” ජනමාධ්‍ය හා සෞඛ්‍ය නි: ඇමති තත්ත්වය තේරුම්ගෙන ප්‍රකාශ කළ ද ප්‍රබලයන් එම මතයට වඩා “ඔක්කොම නියමෙට යනවා” වැනි තැනක සිටිනවා නම් එය ප්රඥාගෝචර නැත. බුරුල් වූ ඇන මුරුච්චි තිබේ නම් ඒවා තද කරගන්නා එක මහ වැඩක් වන්නේ ද නැත.
ඒ අස්සේ අධිකරණ ඇමතිට ආචාර්ය පට්ටම්දීම ගැන පාර්ලිමේන්තු සේවකයන්ට එරෙහිව CID යාම හා එය සභානායක කාර්යාලයෙන් ලබාදුන් තොරතුරක් බවට ලිපියක් ලීක්වීම, “මන්ත්‍රීනි උගන්ඩා” විසින් බොරුකීම ප්රජාතන්ත්රවාදී යයි පැවසීම, රූපවාහිනී සභාපති ඉවත්වීම, අගමැතිනියගේ ටියුෂන් ගැසට්ටුව නියෝජ්‍ය ඇමතිවරයෙකු කැන්සල් කිරීම, සතොස දැමූ හාල් ටෙන්ඩර් දෙක ජෝන් බාස්ට යාම ආදී අනවශ්‍ය දේවල් සිදුවීම ද අභාග්‍යකි. ජනපති අරමුදලෙන් සෞඛ්‍ය හේතුමත මුදල් ගත් හිටපු අයගේ 2010 න් පසු නම් ලැයිස්තුව එළියට දමා රස්නය යන්නටත් පෙර ඊට කළින් අය එළිකරන බවට විපක්ෂය හැරෙන තැපෑලෙන් අභියෝග කිරීම තවත් ගැටලුවකි.
හාල් පොල් හා තවත් ප්‍රශ්න වලට ඉක්මන් විසදුම් අවශ්‍යව තිබේ, හොරු ඇල්ලීමේ මූලික පදනම හෝ යන්නට පමාවීමට හේතුවක් නැත, ජනපතිගේ ඉන්දියානු ගමනේදී එකගවූ බවට කරුණු 34 ක ඒකාබද්ධ ලියවිල්ල ගැන විවිධ මත පළවීමට නිවැරදි ප්‍රති උත්තර ලබා දීම පමා කලයුත්තක් නොවේ. සාකච්ඡා කිරීම එකගවීමක් නොවේ. එහෙත් ඔිනෑම එකගතාවක් ඇතිවන්නේ සාකච්ඡා වලින් පසුව බවට මතුවන තර්කය ප්රබලය.
මෙම පසුබිම කළමනාකරණය කරගන්නට ආණ්ඩුවට හදිසියක් නැති බව පෙනේ. එහෙත් එය ජංජාලයක් කරගන්නට වසර 76 ක් රටකෑවා යයි චෝදනා ලැබූ ජනතාව විසින් ගෙදර යැවූ පිරිසට ලැබෙන මහත් රුකුලක්වීම වළකා ගැනීම ආණ්ඩුව දක්වන අල්ප අවධානය පුදුමය. වෙනදා උද්ගෝෂන වල සක්‍රියව සිටි අය ඇමතිලාවී ටයිකෝට් ඇන්දාට ප්‍රශ්න විසදෙන්නේ නැත. කඩිනම් වැඩ පිළවෙලක් අවශ්‍ය එහෙයිනි.
ජනපති අනුර දක්ෂ හෝ අවංක අයෙකු වුවත් රටක් කරන්නට තනියම බැරිය. 77 දී ජේ ආර් ආණ්ඩුව ගොඩ ගියබව පෙනුනේ 6.5% ක එතෙක් නොතිබූ වර්ධන වේගයක් ලබාගත්තේ දක්ෂ කණ්ඩායමක් සිටි බැවිනි. අත්දැකීම් අතිශය වටිනවා වුවත් 77 සිටි ගාමිණී ලලිත් රනිල්ලා ඊට පෙර ආණ්ඩුවක් කළ අත්දැකීම් තිබූ අය නොවේ. මාළිමාවේ උගත් හා දක්ෂ අයට නිසි මගපෙන්වමක් ලැබේ නම් වඩාත් සක්‍රියවීමේ ඉඩකඩ ඔිනෑ තරම් බව විශ්වාස කරමු. ජවිපෙ හා මාළිමාව වඩාත් හොද ආණ්ඩුවට නොව විපක්ෂයට බව ජනතාව කියන්නට පෙර ඒ සදහා වහාම ක්‍රියාත්මකවීම ඉතා සුබදායකය.පිච් හා මූඩීස් ආයතන ලංකාවේ ශ්‍රේනිගත කිරීම CAAI දක්වා ඉහළ දැමීම, තෙවෙනි කාර්තුවේ වර්ධනය 5.5% ය යාම හා 20 ලක්ෂ වැනි සංචාරකයා රටට පැමිණීම ජයග්රහණයන්ය. ඒවා අපේ වැඩ බව සීයාගේ මුණුපුරන් කියද්දී මේ රජය ඊට කළ කැපවීම් කියන්නට අදාළ මැති ඇමතිලා ක්‍රියා නොකරන්නේ ඇයිදැයි නොදනිමු. එදා තිබූ නාස්තිය දූෂණයට තිත වැටීම ජනතා පැතුම ඉටුවීමකි. මාධ්‍ය තුළින් මැත ඇමතිලා ආණ්ඩුව හා ගමන් මග ගැන මීට වඩා මැදිහත්වීම අවැසිය. මිදුලට දමන යකඩය ගාණට ඇමති නලින්ද පමණක් බිළිදීලා මෙය කරන්නට බැරිය.