හෙට (29) සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටින් පිටත්වන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW:

මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේකයක් නිකුත් කර ඇත.

ඒ, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා විදෙස්ගතවන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද ඉවත් කිරීම පිළිබඳවයි. ඒ අනුව හෙට (29) සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටින් පිටත්වන ගුවන් මගීන්ගෙන් අයකෙරෙන ඩොලර් 60ක අපගමන බද්ද අය නොකෙරනු ඇත. චක්‍රලේකයේ දැක්වෙන්නේ ලබන වසරේ ජුනි 26 වැනිදා දක්වා එය ක්‍රියාත්මක බවය. මෙම තීරණය ගෙන ඇත්තේ, මත්තල ගුවන්තොටුපළ වෙත ගුවන් සමාගම් සහ මගීන් ආකර්ශණය කර ගැනීම වෙනුවෙන් බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...

එක්සත් රාජධානිය DRC වීසා සීමා කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය කොංගෝ...