ඉදිරි දිනවල කාලගුණ වෙනසත් සමඟ ඇතිවිය හැකි ආපදාවන්ට සූදානම් – DMC

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇති ආකාරයට ඉදිරියේදී ඇතිවන වැසි තත්ත්වයේ වර්ධනය වීම අනුව සූදානම් වීම සඳහා මේ වන විට ආපදා කළමනාකරණ අංශ සූදානම් කර තබා ඇති බව එහි අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ මහතා පවසයි.

ඊට අදාළව නාවික හමුදා භට පිරිස්, ගුවන් යානා සහ බෝට්ටු සූදානම් කරන ලෙස මේ වන විටත් දන්වා ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

එළැඹෙන 29 වැනිදා සිට තරංගාකාර සුළං ප්‍රවාහයක් හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබේ.

ඒ අනුව සාමාන්‍ය තතත්ත්වයට වඩා ඉහළ තත්ත්වයක වැසි උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව ප්‍රදේශවලට අපේක්ෂා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

එම වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවන්ට මුහුණ දීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා පවසයි.

“කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර ඇති ආකාරයට තරංගාකාර සුළං ප්‍රවාහයක් නැගෙනහිර ප්‍රදේශයේ ඇතිවීම හේතුවෙන් මෙම මස 29 වැනි දින සිට වර්ෂාපතනය සාමාන්‍යට ඉහළ තත්ත්වයක් උතුරු ප්‍රදේශයටත්, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර, සහ ඌව ප්‍රදේශවලට ඇද හැළිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැනුවත් කර පෙර පරිදිම ඊසාන දිග මෝසමට ක්‍රියාත්මක වීමට තියෙන හදිසි සැලැස්මට අනුව භට පිරිස්, ගුවන් යානා, නාවික භට කණ්ඩායම් බෝට්ටු සූදානම් කරන ලෙස දන්වා තියෙනවා. ඒ නිසා ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටිනවා.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...