ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW:

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා දින තුනක් රදවා ප්‍රශ්න කිරිමට ඊයේ (27) පියවර ගෙන තිබුණු අතර, ඒ අනුව ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසා සිටී.

ඒ අතර T56 ගිනි අවි 15ක් හා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි 5 ක් වන බව, පොලීසිය සඳහන් කළේය. හිටපු අමාත්‍යවරයාට නිකුත් කර ඇති T56 උන්ඩ 1500 කට අධික සංඛ්‍යාවක් හා මිලිමීටර් 9 වර්ගයේ උන්ඩ 100කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ෂණ ක්‍රියාත්මක බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් එම විමර්ෂණ ක්‍රියාත්මක බවත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...