ස්ථාන තුනකින් සැක කටයුතු මළ සිරුරු තුනක් හමුවෙයි !

Date:

ස්ථාන තුනකින් සැක කටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති බව පොලීසිය පවසයි.

උහන, හිමිදුරුවා ප්‍රදේශයේ වෙල් යායක තිබියදී පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් ඊයේ (27) රාත්‍රියේ හමුවී ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි අයකු බව පසුව අනාවරණය වී ඇත.

එසේම පේරාදෙණිය ඉලුක්කණුව ප්‍රදේශයේ ද වෙල් යායක තිබී 64 හැවිරිදි පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

එමෙන්ම කිලිනොච්චිය කරඩිබොක්කු ප්‍රදේශයේ ඇළක තිබී පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවී ඇති අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බව සඳහන්. එම පුද්ගලයා වයස අවුරුදු 40 – 50 අතර පුද්ගලයකු බවයි පොලීසිය පවසන්නේ.

උහන, පේරාදෙණිය සහ කිලිනොච්චි පොලිස් ස්ථාන විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...