ස්ථාන තුනකින් සැක කටයුතු මළ සිරුරු තුනක් හමුවෙයි !

Date:

ස්ථාන තුනකින් සැක කටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති බව පොලීසිය පවසයි.

උහන, හිමිදුරුවා ප්‍රදේශයේ වෙල් යායක තිබියදී පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් ඊයේ (27) රාත්‍රියේ හමුවී ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි අයකු බව පසුව අනාවරණය වී ඇත.

එසේම පේරාදෙණිය ඉලුක්කණුව ප්‍රදේශයේ ද වෙල් යායක තිබී 64 හැවිරිදි පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

එමෙන්ම කිලිනොච්චිය කරඩිබොක්කු ප්‍රදේශයේ ඇළක තිබී පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවී ඇති අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බව සඳහන්. එම පුද්ගලයා වයස අවුරුදු 40 – 50 අතර පුද්ගලයකු බවයි පොලීසිය පවසන්නේ.

උහන, පේරාදෙණිය සහ කිලිනොච්චි පොලිස් ස්ථාන විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය සේවය ගැන ඇහෙන අලුත්ම ආරංචිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මේ වනවිට...

තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලය, අභිමානවත් 155 වැනි සැමරුම

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : බස්නාහිර පළාතේ, ශ්‍රී...

වත්තල ඔගස්ටීන් ….

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව...

දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...