*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

පාසල්වලට බස් රථ ඕනෑ ඇයි ?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන “සක්වල” වැඩසටහනින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් සඳහා බස් රථ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩසටහන යටතේ මේ වනවිට පාසල් 51ක් සඳහා බස් රථ ලබාදීලා තියෙනවා.

අපේ රටේ ඕනෙම හොඳ වැඩක් කරද්දී අනිවාර්යයෙන්ම වෙන දෙයක් තමයි විවේචන එල්ල වෙන එක. තේරුමක් ඇති විවේචන, තේරුමක් නැති විවේචන, ඔහේ කටට එනවාට කියන දේවල් වගේම හිතාමතා දේශපාලනික ප්‍රහාර වශයෙන් එල්ල කරන මඩ, අපහාස, අවලාදත් ඔතනදී එනවා.

මේ දිනවල බැලුවොත් සජිත් ප්‍රේමදාස මහතාට දේශපාලන විරුද්ධවාදීන්ගෙන් දිගට හරහට ප්‍රහාර එල්ල වෙනවා මේ පාසල්වලට බස් රථ ලබාදීම ගැන. ඒ අය ඔහුට දැන් “බස්මෑන්” කියලා නමකුත් දාලා.

මේ අය නිතරම මිනිස්සුන්ට ඇහෙන්න කියන දේ තමයි “ඉස්කෝලවලට මොකටද බස් ? මේ වෙලාවේ කරන්න ඕනෙ ඉස්කෝලවලට බස් දෙන එකද ?” කියන කතාව.

මේ ප්‍රශ්නයට ඉතාම සරල පිළිතුරක් හැටියට පහතින් පළ කරලා තියෙන්නෙ දුර බැහැර ප්‍රදේශ දෙකක පාසල් දෙකක 2022 වසරේ ප්‍රවාහන වියදම්. මේ වියදම් දරලා තියෙන්නෙ සිසුන්, ගුරුවරුන් සම්බන්ධ වුණු විවිධ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන්. මේවාට ගෙවලා තියෙන්නෙ සිසුන්ගේ දෙමාපියන්, ගුරුවන් සහ පාසලේ අරමුදල්වලින්.

එයින් අනුරාධපුර – තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ 2022 වසරේ ප්‍රවාහන වියදම රුපියල් ලක්ෂ 32ක්. මහව විජයබා මධ්‍ය විද්‍යාලයේ 2022 වසරේ ප්‍රවාහන වියදම රුපියල් ලක්ෂ 27 කට ආසන්නයි. සක්වල වැඩසටහන ඔස්සේ පාසලකට ලබාදෙන බස් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 50 යි. ඒ වගේ බස් රථයක් පාසලට තියෙනවා නම් මේ පාසල් සිසුන්ගේ දෙමව්පියන් මේ පාසල් දරුවන්ගේ වැඩකටයුතු වෙනුවෙන් දරපු ලක්ෂ විසි ගණනක, ලක්ෂ තිස් ගණනක වියදම කොතරම් අඩු කරගන්න තිබුණාද ? ඒක ඒ දෙමව්පියන්ට කොතරම් සහනයක් වෙයිද ? එහෙම වුණා නම් ගුරුවරුන් විසින්, පාසලේ අරමුදල්වලින් මීට දක්වපු දායකත්වය වෙනත් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් යොදවන්න තිබුණා නේද ? අපි මේ කතා කරන්නේ විශාල මුදලක් ගැන.

ඉතින්, අධ්‍යාපන විශේෂඥයින් වගේ පෙනී සිටිමින් කොළඹට වෙලා දිව නැවෙන නැවෙන අතට විරුද්ධවාදීන්ට බැන බැන ඉන්න එක ලේසි වැඩක්. නමුත් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න ගැන රට වටේ ගිහින් හොයලා බලලා, ආණ්ඩු බලයක් නැතිවත් තමන්ට හැකි ආකාරයෙන් ඒවාට විසඳුම් දෙන එක අමාරු වැඩක්. විපක්ෂ නායකවරයා මේ මොහොතේ කරමින් ඉන්නේ ඒ අමාරු වැඩේ …

“මම තමයි හොඳටම කරේ” කියාගෙන ආපු එක්කෙනෙක් රටට කරලා ගිය විනාශය අපි දැක්කා. දැන් තව කට්ටියක් “අපි තමයි හොඳටම කරන්න දන්නේ, අපට බලය දෙන්න” කිය කියා යනවා. දුර බැහැර ප්‍රදේශවල ජීවත්වෙලා, ඒ ප්‍රදේශවල අධ්‍යාපනය ලබලා කොළඹ ඇවිත් දශක දෙකක් තුනක් ගියාට පස්සේ ඒගොල්ලෝ දන්න හරිය ගැන එක උදාහරණයක් මේ කතාවෙන් පෙන්නුම් කෙරෙනවා. මිනිස්සුන්ට අපහාස කරන එක ලොකු වැඩක් නෙවෙයි, ඒකෙන් රටක් හදන්න හෝ ගොඩගන්නත් බෑ.

අනික් අතට කවුරුන් හෝ හොඳ දෙයක් කරනවා නම් දේශපාලනය මොකක් වුණත් ඒ හොඳ දේ අගය කරන්න මනුස්සයෙක් වුණාම පුළුවන් වෙන්න ඕනෑ. ඒ “මනුස්සකම” නැති දේශපාලනයකින් කාටවත් හොඳක් වෙන්නෙ නෑ …

~ දර්ශන වීරසිංහ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan