එක්සත් ජනපද හිම කුණාටුව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 67 දක්වා ඉහළට

Date:

එක්සත් ජනපදයට බලපෑ හිම කුණාටුව හේතුවෙන් මේ වන විට මියගිය පිරිස 67 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව නිව්යෝක්හි දෙවන විශාලතම නගරය වන බෆලෝ නගරයේ පමණක් කුණාටුව හේතුවෙන් මරණ 27ක් පමණ වාර්තා වී ඇති බව බෆලෝ හි නගරාධිපති බයිරන් බ්‍රවුන් විසින් මාධ්‍ය වෙත වාර්තා කර තිබේ. මෙම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බෆලෝහි පොලීසිය වාර්තා කර ඇති අතර 950,000 ක ජනතාවක් වාසය කරන බෆලෝ ප්‍රාන්තයේ, ප්‍රාන්ත විධායක මාර්ක් පොලොන්කාර්ස් කුණාටුව විස්තර කර තිබුණේ ඔවුන් මෙතෙක් දැක ඇති විශාලතම හිම කුණාටුව මෙය බවයි.

එක්සත් ජනපදයේ බොහෝ ප්‍රදේශ තවමත් කුණාටුවෙන් පීඩා විඳින අතර, ශීත කුණාටුව එක්සත් ජනපදයේ විශාල ප්‍රදේශයකට බලපා ඇති අතර මිලියන 1.8 ක ජනතාවකට විදුලිය විසන්ධිව ඇත. ජාතික කාලගුණ සේවය අනාවැකි පළ කර තිබුණේ මේ සතියේ රට පුරා උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, හදිසි ප්‍රතිචාර දක්වන්නන් දැඩි පීඩාවට පත් ප්‍රදේශවලට ළඟා වන විට මරණ සංඛ්‍යාව ද වැඩි විය හැකි බවයි.

හිම කුණාටුව හේතුවෙන් මේ වන විට ගුවන් ගමන් 2,900 කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇති බව FlightAware වෙබ් අඩවියට වාර්තා කර ඇති අතර, පවතින තත්වය හේතුවෙන් නිවසේ රැදී සිටින මෙන් සමස්ත වැසියන්ගෙන් ඉල්ලා තිබේ.

සශිකලා මධුෂාණී_ | අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...