ද්විත්ව පුරවැසිභාවයට වැඩි ඉල්ලුමක්…

Date:

පසුගිය වසරේ දී ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට 5,401 දෙනෙකු අයඳුම් කර තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක මේ බව සදහන්වේ.

වැඩිම පිරිසක් ඉදිරිපත් කර ඇත්තේ ඔස්ට්‍රේලියාවෙන්වන අතර එම සංඛ්‍යාව 1,621 කි. එක්සත් රාජධානියෙන් ලැබී ඇති අයඳුම්පත් සංඛ්‍යාව 885 කි. ‍

අමෙරිකාවෙන් 795 ක් හා කැනඩාවෙන් 371 දෙනෙකු ද්විත්ව පුරවැසි භාවය ඉල්ලා තිබේ. ඊට අමතරව ඉතාලිය ස්විට්සර්ලන්තය, ස්විඩනය, නවසීලන්තය, ප්‍රංශය හා ඩෙන්මාර්කය යන රටවලින් ද, අයඳුම් පත්‍ර ලැබී ඇත.

මේ අතර, 2021 වසරේ දී දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 382,560 කි.

රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර 398 ක් ද ඒ අතර වේ. එය, 2020 වර්ෂයට සාපේක්ෂව වැඩි වීමක් ‍පෙන්නුම් කර ඇතැයි වාර්තාවේ සඳහන් වේ.

2020 වසරේ දී ගුවන් ගමන් බලපත්‍ර 209,411 ක් නිකුත් කර තිබේ. ඉන් 175 ක් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...