*
Friday, April 26, 2024
spot_img

Latest Posts

හොකී නිජබිම කිට්ටුව පුද බිම ආසන්නයට 16 න් පහළ තරු

හොකී නිජබිම ලෙස ප්‍රකට මාතලේ නගරය ආසන්යේ පිහිටි ප්‍රකට පුදබිමක් සහිත නගරයක් වන දඹුල්ල මෙවර ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරෙන වයස අවුරුදු 16 න් පහළ බාලක සහ බාලිකා හොකී තරගාවලිය පැවත්විමට තෝරාගෙන ඇත.


දඹුල්ල ජාතික පාසල් ක්‍රීඩාංගණයට අමතරව දඹුල්ල කෘෂිකර්ම ගොවිපොළ ක්‍රීඩාංගණය සහ කණ්ඩලම ඩී. එස්. සේනානායක විදුහල් ක්‍රීඩාංගණය භාවිතයට ගනිමින් මෙවර තරගාවලිය පැවැත් වේ.අද (28) ආරම්භය කෙරුණ මෙවර තරගාවලිය ලබන සෙනසුරාදා (31) දින දක්වා සිව් දිනක් පුරා ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සදහා සහභාගී වීමට නියමිත පාසල් කණ්ඩායම් සංඛ්‍යාව 61 කි.

කොළඹ, ගම්පහ, කළුතර, මාතලේ, මහනුවර, පුත්තලම, කුරුණෑගල, ගාල්ල, මාතර, පොළොන්නරුව, අනුරාධපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක තුළ පිහිටි පාසල් කණ්ඩායම් මෙවර තරගාවලියට එක්ව සිටී. මෙවර ප්‍රමුඛ පෙළ බාලිකා තරඟාවලිය පාසල් 22 ක සහභාගීත්වයෙන් යුතුව ක්‍රියාත්මක කෙරේ.

මෙහි බාලක තරගාවලිය “ඒ” සහ “බී” ලෙස කොටස් 02 ක් යටතේ පැවැත්වේ.
ඒ අනුව “ඒ” කොටස යටතේ කණ්ඩායම් 22 ක් තරග වදින අතර කණ්ඩායම් 17 ක් “බී” කාණ්ඩයට එක්ව සිටී.මෙහි මූලික වටය කාණ්ඩ 04 ක් යටතේ ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන අතර අවසන් පූර්ව වටයේ සිට පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමය භාවිතයට ගැනේ.

මෙරට කණිෂ්ඨ අවුරුදු 16 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජාතික මට්ටමේ හොකී තරගාවලියක් ක්‍රියාත්මක කෙරෙන්නේ වසර 02 කට පසුව වීම විශේෂත්වයකි.කොවිඩ් -19 තත්ත්වය හමුවේ පසුගිය දෙවසර තුළ මෙම තරග මාලාව දක්නට නොලැබිණි. ශ්‍රී ලංකා පාසල් හොකී දින දර්ශනයට අනුව 2022 වසරේ අවසන් තරගාවලිය ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය වසරේ පැවත්වීමට නියමිත සියලු තරගාවලි පවත්වා අවසන් කිරීමට මේ තරගාවලියත් සමඟ සමත්වන අතර ඒ අනුව අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් අවුරුදු 20 න් පහළ බාලක සහ බාලිකා තරගාවලිය “කොළඹ” දී ද අවුරුදු 20 න් පහළ අන්තර් පාසල් බාලක සහ බාලිකා තරගාවලිය මෙන්ම අවුරුදු 14 න් පහළ බාලක සහ බාලිකා හොකී සැණකෙළිය “මාතලේ” දී ද අවුරුදු 18 න් පහළ බාලක සහ බාලිකා තරගාවලිය “මාතර” දී ද පැවැත් වීමට සමත් විය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan