තවත් ආනයනික බිත්තර තොගයක් සතොස වෙත!

0
146

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආනයනික බිත්තර මිලියන 8ක් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කිරීම ආරම්භ කළ බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව කියා සිටී.

එම බිත්තර සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බවත් , එම බිත්තර අද (28) සිට සතොස වෙළෙඳසැල් හරහා පාරිභෝගිකයන්ට ලබා ගත හැකි බවත් එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ ය.

උත්සව සමයේ පැවති ඉහළ ඉල්ලුම හේතුවෙන් බොහෝ වෙළෙඳසැල්වල බිත්තර තොග අවසන් වී ඇති අතර දිනකට බිත්තර මිලියනය බැගින් දිවයිනට ආනයනය කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇