ඔමික්‍රෝන් : බරපතල නොවූවත්, අවදානම් !

Date:

(ජේම්ස් ගල්ලන්ගර් -බීබීසී සෞඛ්‍ය හා විද්‍යා වාර්තාකරු)


එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකාවේ ප්‍රකාශයට පත් කෙරුණු මූලික අධ්‍යයනයන්ට අනුව ඕමික්‍රෝන් රැල්ල එතරම් බරපතල බවක් පෙනෙන්නට නැත.

මුල දී ලැබුණු සාක්ෂ්‍යවලට අනුව, ඕමික්‍රෝන් නිසා රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වූ පිරිසක වෙනත් ප්‍රභේදවලට සාපේක්ෂව අඩුබව පෙනීගොස් තිබුණි. එය ඇස්තමේන්තුගත කර තිබුණේ 30% සිට 70% දක්වා අඩුවීමක් ලෙස ය.

නමුත් ඕමික්‍රෝන් එතරම් ප්‍රබල නොවුව ද, රෝගීන් සංඛ්‍යාව සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වන්නට ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවීම අත්‍යවශ්‍ය ය.

එක්සත් රාජධානියෙන් පළමු වරට එක් දිනක් තුළ රෝගීන් ලක්ෂයකට වඩා වාර්තා වී ඇත.

ඕමික්‍රෝන්හි බරපතලකම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීම වෛරසයට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය තීරණය කිරීමට උපකාරී වනු ඇතැ යි විශ්වාස කෙරේ.

dfdfdfd

ස්කොට්ලන්ත පරීක්ෂකයන් කණ්ඩායමක් කොරෝනාවෛරසය සහ රෝහල්ගතවන පුද්ගලයින් සංඛ්‍යාව නිරීක්ෂණයකර තිබේ.

ඔවුන් පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට සමාන ලෙස හැසිරුණහොත් මේ වන විට පුද්ගලයන් 47 දෙනෙකු පමණ රෝහල්ගතකර සිටිය යුතු බව යි. එහෙත් තවමත් ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා රෝහල්ගතකර ඇත්තේ පුද්ගලයන් 15 දෙනෙකු පමණි.

පර්යේෂකයන් පැවසුවේ රෝහල් ප්‍රතිකාර අවශ්‍ය සංඛ්‍යාවේ දළ වශයෙන් තුනෙන් දෙකක අඩුවීමක් ඔවුන් දකින නමුත්, අධ්‍යයනයේ දී නිරීක්ෂණය කරනු ලැබුවේ සිද්ධීන් කිහිපයක් පමණක් වන අතර, නියැඳියේ අවදානම් සහිත වයෝවෘද්ධ පුද්ගලයින් ද එතරම් නොසිටි බව යි.

ස්කොට්ලන්තයේ මහජන සෞඛ්‍ය සේවයේ, ජාතික කොවිඩ්-19 වාර්තා අධ්‍යක්ෂ වෛද්‍ය ජිම් මැක්මෙනමින් මෙය හැඳින්වූයේ, “ඇත්තෙන්ම සතුටුදායක පුවතක්” ලෙසිනි.

රෝහල්ගතවීම අත්‍යවශ්‍ය නොවීම පිළිබඳ දත්ත “හිස්තැනක් පුරවන” බව පවසන අතරම, “අපි වුවමනාවට වඩා සතුටු නොවී සිටීම ද වැදගත්” බවත් ඔහු කියා සිටියේ ය.


ඕමික්‍රෝන් ප්‍රභේදය සිතාගත නොහැකි වේගයකින් ව්‍යාප්ත වෙමින් පවතින අතර, රෝගීන් ඉහළ සංඛ්‍යාවක් වාර්තාවීම මඟින් එය එතරම් ප්‍රබල ප්‍රභේදයක් නොවීමේ වාසිය වියැකී යා හැකි ය.

එඩින්බරෝ විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය මාර්ක් වූල්හවුස් පැවසුවේ, “ගොඩක් මිනිස්සුන්ව සැලකුවොත්, තනි තනි වශයෙන් මේක එච්චර ලොකු ආසාදනයක් නොවෙන්න පුළුවන්. හැබැයි මේ සියලු තනි තනි ආසාදන එකසැරේම සිද්ධ වුණොත් ජාතික සෞඛ්‍ය පද්ධතියට දැරිය නොහැකි බරක් පැටවෙන්නේ.”

මේ අතර, දකුණු අප්‍රිකාවේ දී සිදුකෙරුණු තවත් අධ්‍යයනයකින් ද ඕමික්‍රෝන් රැල්ල එතරම් බරපතල නොවන බව පෙන්වා දෙයි.

එයින් පෙන්නුම් කළේ, පෙර කොවිඩ් රැළි සමග සැසඳීමෙන් මෙන්ම දැනට සංසරණය වන වෙනත් ප්‍රභේදයන් සමග ද සසඳා බැලීමේ දී, ඔමික්‍රෝන් නිසා මිනිසුන්ට රෝහල් ප්‍රතිකාර අවශ්‍යවීමේ සම්භාවිතාව 70-80%කින් අඩුයැ යි පෙන්නුම්කර ඇති බවයි.

කෙසේ වෙතත්, අධ්‍යයනයෙන් යෝජනා කළේ ඔමික්‍රෝන් හේතුවෙන් රෝහල්ගත වූ රෝගීන් කිහිපදෙනාගේ ප්‍රතිඵලවල වෙනසක් නොතිබෙණු ඇති බවයි.

දකුණු අප්‍රිකාවේ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ මහාචාර්ය චෙරිල් කොහෙන් පැවසුවේ, “අපේ දත්තවලින්, අනෙක් ප්‍රභේදවලට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතලකම අඩුයි කියලා යම් ධනාත්මක තත්ත්වයක් පෙන්නුම් කරනවා,” යනුවෙනි.


මෙය එතරම් ප්‍රබල නො වන්නේ ඇයි?

මෙලෙස ප්‍රබලත්වය අඩුවීම ඔමික්‍රෝන් ප්‍රභේදයේ මූලික ගුණාංගයක් මෙන්ම එන්නත්කරණය සහ පෙර ආසාදනවලින් ලද ඉහළ ප්‍රතිශක්තිකරණ මට්ටම්වල එකතුවක් ලෙස සැලකේ.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජයෙන් ඔමික්‍රොන් පිළිබඳව සිදුකළ විශ්ලේෂණයකින් පෙනීගියේ, ඔමික්‍රෝන්වල ඇති විකෘතීන් හේතුවෙන් එය ඩෙල්ටාවට වඩා මෘදු වෛරසයක් බවට පත් වී ඇති බව යි.

පර්යේෂකයන් පැවසුවේ යමෙකු පෙර ප්‍රතිශක්තියක් ලබානොමැති වුවත්, රෝහල්ගත වීමට සිදුවීමේ අවස්ථාව ඩෙල්ටා ප්‍රභේදයට වඩා 11%කින් පමණ අඩු වනු ඇති බවයි.

කෙසේ වෙතත්, එන්නත්කරණය සහ ආසාදන මට්ටම ඉහළ වීම හේතුවෙන් මෙය අදාල වන්නේ එක්සත් රාජධානියේ වැසියන්ගෙන් සාපේක්ෂව ස්වල්ප දෙනෙකුට පමණකි.

එම විශ්ලේෂණය හෙළිකළ තවත් කරුණක් වන්නේ ජනගහනයේ ප්‍රතිශක්තිය වැඩිවීම මත, ඔමික්‍රෝන් නිසා රෝහල්ගත වීමේ අවදානම 25% සිට 30% දක්වා අඩුවන අතර, දිනකට වඩා වැඩි කාලයක් රෝහලේ රැඳී සිටීමේ අවශ්‍යතාවය 40%කින් පමණ අඩු වන බව යි.

එක් පර්යේෂකයෙකු වන මහාචාර්ය නීල් ෆර්ගියුසන් පැවසුවේ, “මෙය පැහැදිලිවම තරමක් දුරට හොඳ ආරංචියක්” බව යි.

කෙසේ වෙතත්, ඔහු අනතුරු ඇඟවූයේ, “සියල්ල ඉතා ඉක්මනින් වෙනස් කිරීමට මෙය ප්‍රමාණවත් නොවන” බව යි. එමෙන්ම, ඔමික්‍රෝන් ව්‍යාප්ත වන වේගය නිසා “රාජ්‍ය සෞඛ්‍ය සේවය දුෂ්කර තත්ත්වයකට පත්කළ හැකි රෝගීන් සංඛ්‍යාවක් රෝහල්ගත වීමේ සම්භාවක් තවමත් පවතී” යන්න ද ඔහු කියා සිටියේ ය.

මෙම අධ්‍යයනයේ කතුවරුන්ගෙන් කෙනෙකු නොවන, ඉම්පීරියල් විද්‍යාලයයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේඥයෙකු වන මහාචාර්ය පීටර් ඕපන්ෂෝ පැවසුවේ ප්‍රභේදයේ බරපතලකම අඩුවිය හැකි ලකුණු පෙනී ඇති නමුත්, අධ්‍යයනයන් තුනෙන් එය “නිකම්ම සෙම්ප්‍රතිශ්‍යාවකට පරිවර්තනය වී ඇතැ යි” පෙන්නුම් කළ බව කීම වැරදි අර්ථකතනයක් බව යි.

රසායනාගාර අධ්‍යයනයන් මඟින් ද ඔමික්‍රෝන් එතරම් ප්‍රබල නොවීමට හේතු පෙන්වා දී තිබේ. හොංකොං විශ්වවිද්‍යාලයය පවසන්නේ ඔමික්‍රෝන් පහසුවෙන්ම ශ්වසන මාර්ගයට ආසාදනය වෙතැ යි පෙන්වන නමුත්, ආසාදනයකින් වඩාත් දරුණු හානියක් සිදුකළ හැකි පෙනහැලිවල අභ්‍යන්තර පටකවලට පහසුවෙන් ඇතුළුවීමට එයට අපහසු බව යි.


කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයය විසින් සොයාගෙන තිබුණේ, මෙම ප්‍රභේදය පෙනහැලි සෛල එකට “හා කිරීම” අතින් සමත් නොවන බව යි. එය කොවිඩ් නිසා දරුණු ලෙස රෝගාතුර වන පුද්ගලයින්ගේ පෙනහැලිවල සිදුවන වෙනස්කමකි.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය ඔමික්‍රෝන්හි සැබෑ ලෝකයේ දත්ත ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන අතර, එමඟින් ප්‍රභේදයේ බරපතලකම පිළිබඳ වැඩිදුර දැනගත හැකි වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.


(BBC සිංහල සේවය)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...