*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

අඩු බර දරුවන් සිටින රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉහළට

දකුණු ආසියාවේ අඩු බර දරුවන් වැඩිපුර සිටින රටවල් අතුරින් ශ්‍රී ලංකාව ද එක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අඩු බර දරුවන් ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 5 දී උසට සරිලන බරක් නොමැති දරුවන් ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ආසියා සහ ෆැසිපික් කලාපයේ කළ සමීක්ෂණයකදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අඩු බර දරුවන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බව හෙළිවී තිබේ.

මීට අමතරව පැපුවා නිව්ගිනියා, මාලදිවයින, ඉන්දුනීසියාව ආදි රටවල ද අඩුබර දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ කොවිඩි වසංගතයේ බලපෑම හමුවේ මෙරට අඩු බර දරුවන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ තත්ත්වය අවදානමට ලක්විය හැකි රටවල් අතරට ශ්‍රී ලංකාව අයත් බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි.

ලෝකයේ ආහාර මිල ශීඝ්‍රයෙන් ඉහළ යන රටවල් අතරට ද ශ්‍රී ලංකාව එක්ව ඇති බව මෙම වාර්තාවේ දැක්වේ.

THE LEADER

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan