වෛද්‍ය පර්යේෂණ ආයතනය හොයා ගත්තායැයි කියන ඔමික්‍රෝන් අතේ රෝලක්ද ?

Date:

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකුගේ ඔමික්‍රෝන් ප්‍රභේදය පවතින බවට ප්‍රකාශයයට පත් කලද, මෙතෙක් එවන් ඔමික්‍රෝන් සොයා ගැනීමක් පිළිබදව ඊට අදාල ජාත්‍යන්තර දත්ත පද්ධතියක් මගින් ඒ පිළිබදව තහවුරු කර නැති බව පෙනෙන්නට තිබේ. එබැවින් සැබෑ ලෙසම ජාන් අනුක්‍රමික විශ්ලේෂණයක් සිදු කලේද, එසේත් නැත්නම් එය සාමාන්‍ය අනුමාන කිරීමක්ද යන්න වහා හෙලිදරව් කිරීම, ශ්‍රී ලංකාවේ රසායනාගාර සේවාවේ පිළි ගැනීම ජත්‍යන්තර වශයෙන් අරක්ෂා කර ගැනීම වෙනුවෙන් වැදගත් වේ.

අනුක රසායනාගාර ක්‍රමවේදයේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව, ලොව කොතනැක නව ප්‍රභේදයක් සොයාගනු ලැබුවද, සෑම රටකටම පොදු දත්ත පද්ධති මගින් ඒ පිළිබදව තහවුරුවක් ලබා ගත යුතුය. ජාන අනුකරමික විශ්ලේශණය පිළිබදව සෑහීමකට පත් විය නොහැකි අවස්ථාවක හෝ ලබා දෙන දත්ත පිළිබඳව පිරිසිදුබව පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි අවස්ථාවන්හීදී එම එලෙස තහවුරු කිරීමක් සිදු නොවේ.

මේ වනවිටත් ශ්‍රී ලංකාව ඉදිරියෙන් තහවුරු වූ ඔමික්‍රෝන් ආසාධිතයින් ලෙස සටහන්ව ඇත්තේ ජපුර රසායනාගාරය සොයාගත් සිව් දෙනෙකු පිළිබදව පමණක් වන අතර වෛද්‍ය පර්යේෂණ ආයතනය සොයාගත් කිසිදු ඔමික්‍රෝන් ප්‍රභේදයක් පිළිබඳව වාර්ථා වන්නේ නැත.

කොවිඩ් සදහා ජාන අනුක්‍රමික විශ්ලේශණ සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම මුල සිටම සෞඛ්‍ය අමාත්‍යාංශය මග හැර තිබූ අතර, පරිත්‍යාග ලෙස ජාන අනුක්‍රමික විශ්ලේශක යන්ත්‍ර හතරක් ලැබුණු පසු එය මග හැරීමට නොහැකි විය. කෙසේ නමුත් වසර දෙකකටත් වැඩි කාලයක්.තිස්සේ කිසිදු උණන්දුවක් නොදක්වමින් සිටිමින්, හිටිහැටියේ එම පරීක්ෂණ රසායනාගාර වල තහවුරුවක් ලබා ගැනීමටත් පෙර, පාර්ශවකරුවන්ගේ කිසිදු සාකච්ඡාවකින් තොරව, ඒකාධිකාරී හා රහසිගත ක්‍රමයකට ප්‍රභේද පරීක්ෂණවල අයිතිය තමන් සතු කරගෙන යෑමට උත්සාහ දැරීමෙන් සමස්ථ ශ්‍රී ලාංකේය රසායනාගාර සේවාවට අප කීර්තියක් ඇති විය හැකි බැවින් ඒ පිළිබදව වහා සොයා බැලිම සෞඛ්‍ය අමාත්‍යා වරයාගේ සහ රජයේ වගකීමකි.

මෙතෙක් ප්‍රභේද පරීක්ෂණ සාර්ථකව සිදු කරමින් සිටි ජපුර රසායනාගාරය ඉන් ඉවත් කොට වෙනත් රසායනාගාර ලහි ලහියේ ඊට ආදේශ කිරීම වෙණුවට, අත්දැකීම් උකහාගෙන ඇති ජපුර රසායනාගාරය සමග සමාන්තරව කටයුතු කර, තම හැකියාව වර්ධනය කර ගැනීමට අකමැති ඇතැම් වෛරසවේදීන්ගේ ක්‍රියා කලාපය නිසා මෙම ගැටලුව තවදුරටත් තීව්‍ර වීමට ඉඩ නොදී, සියළු පාර්ශව කරුවන්ගේ සහයෝගය සහ එකගතාවය සහිතව මෙම වැඩ පිළිවෙල ප්‍රති සංවිධානය කරන ලෙස අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලමු.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෝදනා දෙකකට වරදකරු වූ අලි රොෂාන්ට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත්...

ට්‍රම්ප්ගේ ඇමරිකානු තීරුබදු තර්ජන හමුවේ කැනඩාව සහ මෙක්සිකෝව එක්ව කටයුතු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

2026 අයවැයේ ඉලක්කය මෙන්න!

කොළඹ LNW: 2026 අයවැය මඟින් රටේ ඉදිරි සංවර්ධනයට අඩිතාලමක්...

වැසි තත්වයේ වෙනසක් – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 19) දිනයේදී බස්නාහිර, සබරගමුව,...