*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

රට වැටෙනකන් බලා සිටින විපක්ෂය සහ අපේ අභීත නායකත්වය

පේ විපක්ෂය එදා ඉදලම බලන් හිටියෙ රට වැටෙනකන් කියන එකට උදාහරණ ඕන තරම් අපිට මේ විදියට පෙලගස්වන්න පුළුවන්.

1996 දි මුලතිව් හමුදා කදවුර වැටුණට පස්සෙ බාල් නටල කා ලක ණ් නි සතුටක් ලබා ගැනීම.
අලිමංකඩ පාමංකඩ කථා කියල අපේ යුද ශක්තිය බාල්දු කිරීම.
තොප්පිගල කියන්නෙ කැලයක් කියල එදා රනිල් වික්‍රමසංහ කරපු ප්‍රකාශය.
දිනන්න ඔන්න මෙන්න තිබුණ අවස්ථාවේ 2008 අය වැය පරද්දන්න කටයුතු කිරීම.

මේ අපි කිව්ව කරුණු ටිකක් විතරයි. මේගොල්ලන්ගෙ පාවාදීම් ඉතිහාසය බැලුවොත් අපිට පිටු ගණන් නෙමේ පොත් ගණන් වුණත් ලියන්න පුළුවන්. ඒතරමට අපේ වත්මන් විපක්ෂය එදා ඉදලම බලන් හිටියෙ රට වැටෙනකන් කියල දැන් අපි ඔක්කොම දන්නව. මෙහෙම දඟලපු අපේ විපක්ෂයෙ අළුත්ම සටන් පාඨය වුණේ ඩොලර් නැතුව ලංකාව ජනවාරි වෙනකොට හාන්සි වෙනව කියන මනස්කල්පිත අදහස. කියන්න සතුටුයි ඒ කාලකන්නි සතුටත් ලප් තැනම ලොප් වෙලා කියන අතිශය ප්‍රීතිදායක ආරංචිය අපිට ලැබිල තියෙනව. ඒ තමා කවදත් අපේ ආරක්ෂාවට එන අපේ විදේශ මිතුරා වන චීනය එක්ක කල ඵලදායී සාකච්ඡාවලින් ප්ස්සෙ විදේශ විනිමය හුවමාරු ක්‍රමය යටතේ ඩොලර් බිලියන 1.5 ක මුදලක් මෙරටට ලබාගැනීමට කවදත් අභියෝග වලට ඇළුම්කරන වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියන අද්විතීය චරිතය සමත් වෙලා කියන මාධ්‍ය වාර්තාව.

ඔක්කොටම කලින් අපේ ඩොලර් අඩුවුණේ කොහොමද කියන කාරණේ ගැන කියන්නම වෙනව.

මූලිකම දේ තමා කොවිඩ් වසංගතය නිසා ලෝකෙ පුරා සිද්ද වුණ හැලහැප්පීම් නිසා අපේ විදේශ ආදායම් අහිමි වීම කියන කාරණේ. ඒක අපිට පිලිගන්නම වුණාට අපේ විපක්ෂයෙ ඉන්න ඔස්තාර්ලනම් ඒක පිලිගන්න කැමති නෑ . විපක්ෂය හැසිරෙන්නෙ කොවිඩ් රටට ගෙනාවෙ ගෝඨාභය රාජපක්ෂ වගේම කොවිඩ් තියෙන්නෙ ලංකාවෙ විතරක්ම තියෙන වසංගතයක් කියන පහත් මානසික තත්වයෙන් කියල ඒගොල්ලන්ගෙ හැසිරීමෙන් අපිට පේනව.

ඩොලර් සංචිත අඩුවෙන්න හේතු අපිට මෙහෙම සදහන් කරන්න පුළුවන්…
විදේශගත ශ්‍රමිකයින් අපේ රටට එවනා ඩොලර් ප්‍රමාණය අඩුවීම.
ඉතිහාසයේ සිදුවූ දරුණුතම සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීම.
බඩු ආනයනය කරන්න අපි පිටරටට ඩොලර් යැවීම.
ලංකාවට කොවිඩ් වැක්සීන් ගෙන්වීමට ඩොලර් වියදම් කිරීම.
(මතක තියාගන්න අපේ රටේ සිද්ද වුණේ ලෝකෙ හොදම එන්නත්කරණයක් කියන කාරණාව)

PCR කිරීමට ඩොලර් වියදම් වීම.
ඇන්ටිජන් සදහාත් ඩොලර් වියදම් කිරීම.

චීනය එක්ක සිද්ද කරපු මේ විදේශ විනිමය හුවමාරු ක්‍රමය නිසා අපේ රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ යනව කියන වාර්තාව දැක්කට පස්සෙ අපේ විපක්ෂය හැසිරෙන්නෙ භූමිතෙල් නාගත්ත ගැරඩි වගේ කියලනම් හොදටම පේන්න තියෙනව.අපි උපන් ගෙයි කුහකකම කියල හැමදාමත් කිව්වෙ ඔය හැසිරීමට තමා. නුදුරු අනාගතයේදි ගෙවන්න තියෙන ඩොලර් මිලියන 500 විදේශීය ණය වාරිකයක් අපහසුවකින් තොරව ගෙවීමේ හැකියාව මේනිසා අපිට ලැබිල තියෙනව වගේම අපේ අත්‍යාවශ්‍ය ආනයනන් මෙරටට ගෙනවීම සම්බන්ධයෙන් තිබූ පීඩාකාරි තත්වයට යම් තරමකට සහනයකුත් ලැබිල තියෙන එක පැහැදිලියි. ශ්‍රී ලංකා විදේශීය ණය ගෙවා ගැනීමට නොහැකි රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය ආයතන විසින් නම් කිරීමේ අවධානමක් පසුගිය දවස්වල ඇතිවෙලා තිබුණ එක ආයෙ හංගන්න දේකුත් නෙමේ. ඒත් මේ තත්වය කවදත් අභියෝගවලට අභියෝග කරන වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගේම මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබරාල් මහතාගේ මැදිහත් වීම හින්ද අපේ රට ගොඩ ගියා කියන කාරණේ තමා අපි දකින ඇත්තම කථාව.

අර එළුවගෙ මොකක්ද එක වැටෙනකම් ඉතිහාසය පුරාවටම අපේ වත්මන් විපක්ෂය බලන් ඉදල තියෙන එක අපිට රහසකුත් නෙමේ. මෙන්න ඒ අතීත සිහින වලින් ටිකක්..
තුන්වන ඊලාම් යුද්දෙදි අපි ඒගොල්ලන්ගෙ ප්‍රභාකරන් මහත්තය අතින් අපේ හමුදාව මැරුන් කෑම.
(අන්තිමේදී අපි නතර වුණේ ඒ ප්‍රභාකරන් මහත්තයව හාන්සි කොරෝල)
කොරෝනා නිසා අපේ ආර්ථිකය කඩා වැටීම.
(අද වෙන කොට ආර්ථිකය යම් තරමකට පාලනය කරල තියෙනව)
අනිත් රටවල් වගේ අපේ රටෙත් කොරෝනා නිසා මිනිස්සු මැස්සො මදුරුවො වගේ මිය යෑම
ජනවාරි වෙනකොට 30000 මැරෙනව කියපු ලෝක සෞඛ්‍ය සංවිධානයෙ පුරෝකතනයටත් අභියෝග කරල අද අපි මරණ සංඛ්‍යාව 15000 සීමාවෙ තියල තියනව. (ඒ කියන්නෙ ඒගොල්ලන්ගෙ ගණන් හැදිල්ලෙන් භාගයක්)
අන්තිමටම දැක්ක හීනෙ තමා ඩොලර් නැතුව රට බංකොලොත් වෙනව කියන කා ලක න්ණී හීනෙ.
(කියන්න සතුටුයි ඒකත් ඉවරයි)

අපි විපක්ෂයට කියන්නෙ ස්වභාවික හේතුවක් නිසා රට අනතුරකට පත් වුණාම බොරදියේ මාළු බාන්න එපා කියන අවවාදය.අතීතයේ හිටපු ඩඩ්ලි සේනානයක වගේම ජේ ආර් ජයවර්ධන විපක්ෂ නායකවරු එදා විපක්ෂයෙ ඉද්දි කටයුතු කරපු ආකාරය ගැන හොද අධ්‍යනයක් කරල ඉගෙනගන්න. එදා 71 කැරැල්ල වෙලාවෙදි එවක විපක්ෂය මැතිණිට සහයෝගය දීපු විදිය මතකයට ගන්න. මොන දේශපාලනයක් කරන්නත් අපිට රටක් ඉතුරුවෙන්න ඕනෙ කියන කාරණේ ඔලුවෙ තියාගෙන වැඩ කරන්න.

රටේ අභාග්‍යයට අපිට ඉන්නෙ රට කෙලවෙනකම් බලන් ඉන්න විපක්ෂයක්. ඒගොල්ලන්ගෙ පරම අයිතියක් වන “හීන දැකීම” ගැන උපේක්ෂාවෙන් බලන් ඉදල වත්මන් ජනාධිපති අති විශිෂ්ට ගමනක් යනව කියලනම් අපි හොදටම අහනව, දකිනව වගේම දැනෙනව.

කථාවක් තියෙනව දකින හීන හැබෑ කරගන්න කැපවීම් කරන්න ඕනෙ කියල. ඒත් අපේ විපක්ෂය දගලන්නෙ හීන නිකන්ම හැබෑ කරගන්න කියල පැහැදිලියි. 2015 පරාජයෙන් පස්සෙ මහින්ද කැපවීම් කරල ලබාගත්ත ජයග්‍රහණය ගැන හොද අධ්‍යනයක් ලබල ගේම් එකට බහින්න කියල අපි විපක්ෂයෙන් බොහොම ආදරෙන් ඉල්ලනව.

මතක තියා ගන්න කම්මැලි විපක්ෂයකට ජනතාව කිසිම දවසක බලයක් නොදෙනව කියන කාරණාව.

යූ. ඩී Facebook
Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan