*
Monday, December 30, 2024
spot_img

Latest Posts

කලකට පසුව ආ අවස්ථාවෙන් උපරිමය නෙලා ගමු

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 29 ,(LNW)කොළඹ :

කලකට පසුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලබා තිබෙනවා.2025 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසයන් අළලා ක්‍රියාත්මක කරන මෙම තරගාවලිය පැවත්වීමට නියමිතව ඇත්තේ ඉන්දියාවේදී ය.


කණ්ඩායම් අටක් මෙම ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට නියමිත අතර ශ්‍රී ලංකාවට වඩාත් සමීප පාරිසරික සාධක සමඟ මෙම තරගාවලිය ක්‍රියාත්මක වීමේ වාසිය ලබා ගැනීමට හැකියාව තිබෙනවා.මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අත්දැකීම් ලැබීම වැදගත් වන අතර අගෝස්තු සහ සැප්තැම්බර් පැවත්වෙන ලෝක සූරතා තරගාවලිය ඉලක්ක කරගෙන ජාතික කණ්ඩායමට ආසන්නයෙන් සිටින රශ්මිකා සෙව්වන්දි,මනුදි නානායක්කාර වැනි ක්‍රීඩිකාවන්ට සිය කුසලතා වර්ධනය කර ගැනීමට අවශ්‍යය පහසුකම් ලබා දීම වැදගත් වෙනවා.


එසේම ක්‍රීඩා සමාජ අතර පැවති තරගාවලියේ දී කැපී පෙණුන,ජාතික කණ්ඩායමට මෙතෙක් ක්‍රීඩා කර නොමැති ක්‍රීඩිකාවන් ක්‍රීඩා කළ ආකාරයද නොසළකා සිටිය නොහැකියි.මේ සියලු දෙනාට ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ අත්දැකීම් සඳහා දොරටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් විවෘත වීම අතිශයින් වැදගත් වෙනවා.


ආසියානු සූරයින් ලෝක සූරියන් වීම දක්වා යාමට දරණ උත්සාහයේදී ආසියානු සූරී කණ්ඩායමම එහි නියෝජනය විය යුුතු නැහැ.මේ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්.එහිදී පන්දු යැවීම මෙන්ම පිත්තෙන් ද විශ්වසනීය සේවයක් ලබා දිය හැකි ජවසම්පන්න ප්‍රහාරිකාවක් වන රශ්මිකා සෙව්වන්දි වැනි ක්‍රීඩිකාවකගේ දක්ෂතා වර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා.අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ දී වුව ඇය පිතිකාරිණියක ලෙස ඉදරි අංකයක ක්‍රීඩා කළානම් තව දුරටත් ඇයගේ දක්ෂතා ඉස්මතුව කැපී පෙනෙන්නට තිබුණා.එසේම කණ්ඩායමේ ඉරණම ද යහපත් වන්නට තිබුණා.


මනුදි නානායක්කාරගේ තුන් ඉරියව් දක්ෂතා ද අවසාන ආසියානු කුසලාන සංචාරයේදී නිසි ලෙස භාවිතයට ගැණුනේ නැහැ.ඇයත් පන්දු යැවීමේ කාර්යේදී දක්වන දක්ෂතා වැඩි දියුණු කර තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙස ප්‍රයෝජනයට ගත හැකියි.දිගු අනාගතයක් ඇති ක්‍රීඩිකාවන් සේ පෙණෙන එම යොවුන් ක්‍රීඩිකාවන් දෙදෙනා මෙන්ම ගෙවුණු ක්‍රීඩා සමාජ අතර ජාතික සූරතාවලියේදී ද,ජාතික සංචිතයට සුදුසු ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම හඳුනා ගන්නට ලැබුණා.මේ සියල්ල දැන් සිටම සංචිතගත කරන ලද සංචිතයක් කෙරෙහි අවධානය යොමු කළ හැකිනම් සහ ජාත්‍යන්තර මට්ටමෙන් ලැබෙන තරග කෙරෙහි අවධානය යොමු කළ හැකිනම් මෙවර අගෝස්තුවේදී සහ සැප්තැම්බරයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් විස්සයි විස්සට වඩා පන්දු ඕවර් 50 දී වැඩි දස්කම් දැක්වීම ලෝකයටම අභියෝගයක් වීමට ඇති ඉඩ සුවිශාලයි.සුවිශේෂයි.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan