විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී ඇත්තේ තාවකාලිකව වන හෙයින් අදාළ කොන්දෙසිවලට යටත්ව කටයුතු නොකරන්නේ නම් එම බලපත්‍රය යාලි කැඳවීමේ හැකියාව ජනමාධ්‍ය අමාත්‍යවරයා සතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ අනුව මෙතනින් ඉදිරියට කවුරුහෝ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් විකෘති සහගන ප්‍රවෘත්ති ප්‍රචාරය කළොත් දැනට අපි කරමින් සිටින්නේ ලියුමක් යවා එය නිවැරදි කරන ලෙස දැනුම් දීම වුවද ඉදිරියේදී බලපත්‍රය ලබා දීමේදී දී ඇති කොන්දේසි බලාත්මක කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ මෙරට ජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය උදෙසා සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා කටයුතු කළ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‌යාංශය සංවිධානය කළ සෞඛ්‍ය අඬහැරය -2025 සෞඛ්‍ය සන්නිවේදකයන් ඇගයීමේ උත්සවය අමතමිනි.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී එය පැවැත්විය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේක සෙල්ලමක් නෙමෙයි. ඔබට වැඩ කරන්න සිදුවෙලා තියෙන්නේ ජනතාවගේ විශ්වාසය, මේ අවකාශයේ තිබෙන සංඛ්‍යාත ආදි සියල්ලමත් එක්ක. අවශ්‍ය නම් සාදිරිස් ගුරුන්නාස්සේ අම්බලන්ගොඩ ඉදලා කොළඹට නාඩගම් පෙට්ටිය අරගෙන ආපු විදියට ප්‍රවෘත්ති වාර්තා කරන්න පුළුවන්. එහෙම ප්‍රවෘත්ති වාර්තා කරන්න බෑ. මේවා විහිළුවට හෝ සෙල්ලමට කරන වැඩ නෙවෙයි. එහෙම විහිළුවක් හෝ සෙල්ලමක් විදියට ගන්න අපි සූදානමුත් නෑ. අපේ රටේ මේ සියලු රූපවාහිනී නාලිකාවලට ලයිසන් එක ලබාදීලා තියෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්. ඒ ලයිසන් එක ලබාදීලා තිබෙන්නේ තාවකාලිකව. ඒ ලයිසන් එක දෙනකොට කන්ඩිශන් කිහිපයක් තිබෙනවා. මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හානිදායක ප්‍රවෘත්ති ප්‍රචාරය කළොත් යළි කැදවීමේ බලයක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට තියෙනවා. ජාතික ආරක්ෂාව දාලා තියෙනවා. ජාතික ආර්ථික සම්බන්ධයෙන් කියනවා, මහජන සෞඛ්‍යත් කියනවා. ඒ නිසා මෙතනින් එහාට කවුරුහරි මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් විකෘති සහගන ප්‍රවෘත්ති ප්‍රචාරය කළොත් දැනට අපි කරමින් ඉන්නේ ලියුමක් යවලා ඒක නිවැරදි කරන්න කියන එක විතරයි. අනිවාර්ය වශයෙන්ම මේ ලයිසන් එක ලබා දීමේදී දිලා තියෙන කොන්දේසි බලාත්මක කරනවා. එහෙම නැතුව රටක් ඉදිරියට යන්න බෑ. ඒක කරන්නට ඕනේ. සෞඛ්‍ය සම්බන්ධයෙන් විශ්වාසය රටේ ජනතාවගේ බිඳවැටුනොත් එතනින් එහාට මුකුත් කරන්නට බෑ.” යනුවෙන් අවධාරණය කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...