දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා චීන පරිත්‍යාගයයක් ලෙස ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා චීනයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ, ඊයේ (29) දිනයේදී මෙරට චීන තානාපති කී සෙන්හොංග් (Qi Zhenhong) මහතා හමුවූ අවස්ථාවේදී ය.

ඉදිරියේ දී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථ ද වැඩි වශයෙන් ගෙන්වීමටත් ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති බැවින් මෙසේ Charging Point සවිකිරීම වැදගත් පියවරක් වනු ඇති බවත් විජිත හේරත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

මෙම යෝජනාව ධනාත්මකව පිළිගත් චීන තානාපතිවරයා මේ පිළිබඳව ද චීන රජය දැනුවත් කිරීමට එකඟතාව පළ කළ බවයි අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ.

එසේම දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ආපදා හානිය පිළිබඳව තක්සේරු කර, සෑම අංශයකින්ම චීන රජයට දිය හැකි ආධාර පිළිබඳව සාකච්ඡා කර දැනුම් දීමට බලාපොරොත්තු වන බවත් චීන තානාපතිවරයා එහිදී ප්‍රකාශ කළ බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...