උස පැනීමෙන් වාර්තාවක් සමඟ විස්සකට වර්ණ

Date:

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (නොවැම්බර් 28) දා නව තරග වාර්තා දෙකක් වාර්තා වුණා.ඒ අවුරුදු 15 න් පහළ උස පැනීමේ තරගයේදි සහ අවුරුදු 12 න් පහළ මීටර් 100 දිවීමේ තරගයේදී.උස පැනීමේ තරගයේදී වත්තල ලයිසියම් විද්‍යාලයේ තරුෂ මෙණ්ඩිස් මීටර් 1.93 ක වාර්තාගත පිම්මකින් එම ඉසව්වේ නව වාර්තාලාභියා වුණා.එසේම එම ඉසව්වෙ ද උස පැනිමේ ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා නිසා වර්ණලාභීන් 20 දෙනෙක් බිහි වුණා.
එසේම මීටර් 80 අවුරුදු 12 න් පහළ තරගයට සහභාගි වූ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ එස්.ඩී.හෙට්ටිආරච්චි ද නව වාර්තාලාභියෙක් බවට පත් වෙමින් එම ඉසව්ව තත්පර 10.1 ට නිමා කරන්නට සමත් වුණා.
පළමු දිනයේ පැවති පිටියේ ඉසව්වලදි තොග පිටින වර්ණ මට්ටම ඉක්මවා යාම දකින්නට ලැබුණා.මේ අනුව ඉදිරියේදී වත්මන් තත්ත්වය අනුව ජෝන් ටාබට් කණිෂ්ඨ ක්‍රීඩා උළෙලේ වර්ණ පරිසාධන මට්ටම ගැන අලුතින් හිතන්නට සිඳු වෙනවා.එය තියුණු ලෙස අධ්‍යයනය ලෙස කළ යුත්තක්.මන්ද වර්ණ දිනා ගැනීම යන්න ද කණිෂ්ඨ ක්‍රීඩකයෙක්ට අනාගතය දකින්නට වඩා වැදගත් මාවතක් විවර කරන අතර එය ද ඔහු දිනෙක කෙතරම් දක්ෂයෙක් වනු ඇද්ද තීරණය කිරීමට කරන පෙළඹීමක්.
වර්ණ ඉක්මවා ගිය ද නව වාර්තා බිහි නොවීමෙන් අදහස් වන්නේ යම් සාමාන්‍ය තත්ත්වයකින් හැකියාවන් හී තත්ත්වය ඉහළ ගියත් පවතින වාර්තාවන් ඉක්මවා යාමට තරම් කණිෂ්ඨ මලල ක්‍රීඩාව පෝෂණය වි නොමැති බවයි.ඒ අනුව වර්ණ මට්ටම සමඟම ස්ථානයකුත් නිශ්චිතව දැක්විය හැකිනම් වර්ණ මට්ටම අභිබවා යාමට මෙන්ම එය ස්ථානයක් කරා වර්ධනය කර ගන්නට කණිෂ්ඨ ක්‍රීඩකයන්ට මඟ පෙන්වීමක් වෙන්නට ඉඩ තිබෙනවා.
අවුරුදු 15 න් පහළ හෙල්ල විසි කිරීමේ බාලක ඉසව්වෙන්ද දස දෙනෙක් වරණ දිනා ගත්තා.අවුරුදු 12න් පහළ පිරිමි යගුලිය වීසි කිරීමේ තරගයේදී වර්ණලාභීන් 22 ක් වාර්තා වුණා.අවුරුදු 13 න් පහළ බාලක දුර පැනීම වර්ණලාභීන් 23 ක්,සහ අවුරුදු 12 න් පහළ දුර පැනීම 29 ක ලෙසත් වරණලාභීන් වාර්තා වුණා.අවුරුදු 15 න් පහළ බාලිකා උස පැනීමේ ඉසව්වේදී දුර පැනිමේ ඉසව්වේදී වර්ණලාභීන් 25,අවුරුදු 15 න් පහළ යගුලිය ඉසව්වේ දී වර්ණලාභීන් 9 ක්,අවුරුදු 14 න් පහළ බාලිකා උස පැනීමේ දී වර්ණලාභීන් 19 ක්,කවපෙත්ත අවුරුදු 14 න් පහළ බාලිකා වර්ණලාභීන් 18 ක් සහ අවුරුදු 12 න් පහළ බාලිකා උස පැනීමේදී නව වර්ණලාභීන් 35 ක් ද ලෙස ඊයේ දවසේ මේ තරගාවලියෙන් වර්ණලාභීන් බිහි කරන්නට සමත් වුණා.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! – සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! - සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙයි!

කොළඹ LNW:දුප්පතු සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ...

ගලේවෙලදී නීතිවිරෝධී කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පුරාවස්තු සොයා කැණීම්...

“මහින්ද සුළඟින් නාමල් සුවඳ” – නාමල් නව ගමනක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...