අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිල යළිත් ඉහළට. සමාගම් නව මිල ප්‍රකාශයට පත්කරයි !

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල ඉහළ නංවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් සහ කිලෝ ග්‍රෑම් එකේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 150කින් වශයෙන් මිල ඉහළ නංවන බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 540ක් වන අතර කිලෝ ග්‍රෑම් එකේ කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1345ක් වනු ඇත.

RN