මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 08 දෙනෙකු මරුට

මෙක්සිකෝවේ සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර අවුරුදු 01 ක සහ 16 ක දරුවන් දෙදෙනෙකුද වන බවයි වාර්තා වන්නේ.

මධ්‍යම මෙක්සිකෝවේ ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ මෙම සිදුවීම සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණ දෙදෙනෙකු විසින් නිවාස පෙළකට වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු පාතාල ක්‍රියාකාරකම්වල නිරත වන කණ්ඩායම් අතර සිදුවන ප්‍රහාර බහුල ලෙස මෙක්සිකෝවෙන් වාර්තා වන අතර මෙම ප්‍රහාරයද එවැනි පාතාල කණ්ඩායමක ප්‍රහාරයක් වියහැකි බවට මෙක්සිකෝ ආරක්ෂක අංශ සැක කරන්නේ.

පසුගිය නොවැම්බර් මාසයේදී සිදු වූ සිදුවීමකින් මෙක්සිකානුවන් 11 දෙනෙකු ඝාතනයට ලක්විය.

UN