*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ආහාර හිගයක් ඇතිවෙන්න කිසිම ඉඩක් නෑ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

සිංහල අවුරුදු උත්සව සමය වනවිට රටපුරා ආහාර හිගයක් ඇතිවන බවට දේශපාලන පක්ෂ සහ විද්වතුන් සිදුකරන අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් කිසිවෙකුත් බියට පත්වීමට අවශ්‍ය නොවන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ එවැනි ආහාර හිගයක් ඇතිවීමේ කිසිදු ඉඩක් නොමැති බවයි.

කාබනික පොහොර සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව පදනම් කර ගනිමින් ජනතාව මුළා කිරීම සඳහා ඇතැම් දේශපාලන කණ්ඩායම් විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බව පෙන්වා දෙන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි අනතුරු ඇඟවීම්වලින් මුළාවට පත් නොවන ලෙසයි.

දේශීය වශයෙන් වගා කරන ආහාරවල කිසිදු හිගයක් ඇති නොවන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බවයි අජන්ත ද සිල්වා මහතා පවසන්නේ.

ඩොලර් අර්බුදය හේතුවෙන් විදෙස් රටවලින් ආනයනය කරන ආහාර ද්‍රව්‍යවල යම් හිගයක් ඇතිව තිබෙන නමුත් එය ඉදිරියේදි යථා තත්වයට පත්වනු ඇති බවටද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විස්වාසය පළ කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan