වැඩිවන කිරිපිටි මිලට විරෝධය දක්වා ආපනශාලා තුළ කිරි තේ අලෙවිය අත්හිටුවයි!

Date:

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට කිරි පිටි මිල රු.60කින් වැඩි වීමත් සමඟ ආපන ශාලාවල කිරි තේ අලෙවිය නතර කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය අද මාධ්‍ය වෙත කරුණු දක්වමින් පැවසුවේය.

එම සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ වැඩි වන කිරි පිටි මිල අනුව කිරි තේ එකක මිල රු.80.00 දක්වා වත් වැඩි කිරීමට සිදුවන හෙයින් එය ආපනශාලා හිමියන්ට මෙන්ම පාරිභෝගිකයින්ටත් දැරිය නොහැකි හෙයින් කිරි තේ අලෙවිය නතර කිරීමට තීරණය කළ බවයි.

මේ වන විට වීදුරු කෝප්ප වෙනුවට ප්ලාස්ටික් කෝප්ප භාවිතා කිරීමට ද සිදුව ඇති හෙයින් එම කෝප්පයක් සඳහා ද දැන් රු.6 ක් 7ක් වැය වෙන බවත් අනෙක් පසින් සේවක වැටුප් ද ගෙවීමට සිදුව ඇති බවත් වැඩි වන මිලට අනුව අලෙවිය පහත වැටී ඇති නිසා තවදුරටත් ආපනශාලා තුළ කිරි තේ අලෙවි කිරීමට නොහැකි බව අසේල සම්පත් මහතා කියා සිටියේය.

යම් ලෙසකින් පාරිභෝගිකක් කිරි තේ ඉල්ලා සිටියහොත් මිල ගණන් පවසා එය ලබා දෙනු ඇති අතර රෝහල් තුළ පවත්වාගෙන යන ආපන ශාලා තුළ පමණක් සුපුරුදු ලෙස වැඩි වන මිල ගණන් යටතේ කිරි තේ අලෙවිය සිදුකරන බවද ඔහු පැවසුවා.

සමාගම් විසින් වෙළෙඳපොළ තුළ කිරිපිටි හිඟයක් ඇති කර මිල ඉහළ දැමුවද ආපනශාලා තුළ තවදුරටත් මිල ගණන් ඉහළ දැමීමෙන් පලක් නොවන බවයි අසේල සම්පත් මහතා කියාසිටියේ.

ඒ අනුව මේ වැඩි වන කිරි පිටි මිලට විරෝධය දක්වා ආපනශාලා තුළ කිරි තේ අලෙවිය නතර කිරීමට ඔවුන් තීරණය කර තිබේ.


ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්ගේ විරෝධය!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්...

ඇල්ලේ බස් අනතුරින් මියගිය අය වෙනුවෙන් ලක්ෂ 10 බැගින් වන්දි

සටහන - රුවන් නෙළුගොල්ල ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 කණුව...