ඇමති බන්දුල කිව්වෙ වරායෙ ගබඩාවල තියන සහල් ගැනද?

0
288

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ කොළඹ පිටකොටුවේ සහල් තොග වෙළඳසැල්වල සංචාරයක නිරත වූ අතර එහිදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ රටේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් තරම් සහල් තොග තිබෙන බවයි. කිසිදු සහල් හිගයක් නොමැති බවත් මේ නිසා සහල් මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ නමුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ දැනට සහල් ආනයනකරුවන් සතු සහල් තොග බෙදාහැරීමෙන් පසු අතිරික්ත තොග සහල් ආනයනකරුවන් සතුව නොමැති බවයි.

මේ අතර ආනයනය කළ සහල් අඩංගු කන්ටේනර් 300 ක් පමණ වරායේ සිර වී ඇති අතර ඩොලර් නිකුත් නොකිරීම නිසා එම සහල් තොග නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවද ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. අදාල කන්ටේනර් තුළ සහල් මෙට්‍රික් ටොන් 10,000 කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවයි වාර්තා වන්නේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here