අගමැතිතුමාට ජීවත් වෙලා ඉන්නකං දේශපාලනයෙන් විශ්‍රාම ගන්න දෙන්නෙ නෑ – දිළුම්

Date:

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැමති වුවත් අකමැති වුවත් ජීවත්ව සිටින තාක් දේශපාලනයේ රැඳී සිටීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා. ඔහුට දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට රටේ බහුතර ජනතාව කිසිසේත්ම ඉඩ නොතබන බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

අමුණුගම මහතා මේ බව සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වීමට සූදානම් වන්නේදැයි මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

මීට පෙර 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගත් නමුත් රටේ ජනතාවගේ බලවත් ඉල්ලීම මත නැවතත් දේශපාලනයට පැමිණීමට සිදු වූ බවත්, නැවතත් දේශපාලනයෙන් සමු ගැනීමට ඔහුට කිසිසේත් ඉඩක් නොමැති බවත් දිළුම් අමුණුගම මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතා රටටත් ජනතාවටත් සිදුකළ සේවය පිළිබඳව මතකය ජනතාවගේ සිත් තුළින් කිසිසේත්ම ගිලිහී නොයන බවද අමුණුගම මහතා වැඩිදුරටත් පවසනවා.

පසුගිය දිනවලදී ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඇමරිකාවට ගොස් සිටින බැසිල් රාජපක්ෂ මහතා නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් සමුගෙන බැසිල් රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බවයි. රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ එම පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිත අල්ලස් කොමිසමට!

කොළඹ LNW: අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු...

ඔඩෙයිත්ගේ ඇනමෝර්ෆික් ග්‍රැෆිටි ලෝකයට කිමිදෙමු!

සටහන – පුලී සැප්තැම්බර් 03, කොළඹ (LNW): පෘතුගීසි වීදි කලාකරුවෙකු...

එජාපයේ ප්‍රබලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ??

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙකු මේ සතිය තුළ අත්...

අහෝසි කරනවා කියූ PTA තවමත් ක්‍රියාත්මකයි – මානව හිමිකම් කවුන්සිලයෙනුත් වාර්තාවක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්...