ලොව දිනන දරු පරපුරක් උදෙසා සජිත්ගේ “සක්වල” නියමු ව්‍යාපෘතිය ඇරඹෙයි !

Date:

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල” අද(30) ආරම්භ විය.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක “සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙහි නියමු ව්‍යාපෘතිය ලෙස රුපියල් අටලක්ෂ හැත්ත හය දහස් එකසිය පනහක් (රු. 876,150.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ තණමල්විල බෝදාගම මහා විද්‍යාලයට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කළ අතර අදාල පරිත්‍යාග විදුහල්පති ඩබ්.පී. සෝමරත්න මහතා වෙත භාරදෙනු ලැබීය.

සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා දශක ගාණකට කලින් මේ රට ගොඩනගන්න නිදහස් අධ්‍යාපනය ඇතිකළ යුතුයි කියා නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගන්න පැය ගානක් කතා කළ බව පැවසූ විපක්ෂ නායකයා, ඒ ශ්‍රේෂ්ඨ අදහසටත් ඇතැම් එරෙහි වූ බව සිහිපත් කළේය.

“ඔය වැඩෙන් වෙන්නේ අපේ වතුවල පොල්ගහකට යවන්නවත් කොල්ලෙක් හොයාගන්න බැරිවෙන එක” යයි ඇතැම් බලපුළුවන්කාර ප්‍රබලයින් පවසද්දී කන්නන්ගර මහතා අප්‍රමාණව කැපවී නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගත් බව සජිත් ප්‍රේමදාස මහතා කීවේය. මේ රටේ මිනිසුන්ගේ ඉරණම් කතාව වෙනස් උනේ එතැනින් බව පැවසූ විපක්ෂ නායකයා, අද වනවිට “ඔන්ලයින්”අධ්‍යාපනය, පරිගණක තාක්ෂණය අත්‍යවශ්‍ය තත්ත්වයකට පත්ව ඇති බවත් සක්වල වැඩසටහන නිර්මාණය කළේ එහි අඩුව තමන්ට හැකි පමණින් පිරවීම සඳහා බවත් වැඩිදුරටත් පැවසීය. විපක්ෂයේ ඉඳගෙන තමන් ආරම්භ කළ “සක්වල” වැඩසටහන යනු නූතන අධ්‍යාපනයේ නව නිදහස් අරගලය බවද ඒ මහතා කීය.

විපක්ෂය හැටියට තමන් මෙවැනි වැඩ කොටසක් ඉටු කරද්දී ඊට සාපේක්ෂව ආණ්ඩුව වෙතින් සිදුවන කටයුතු පිළිබඳව ඇත්තේ බරපතළ කනගාටුවක් බව පැවසූ විපක්ෂ නායකයා නත්තලට පෙරාතුව තෙල් මිල ඉහළ නංවා නත්තල් තෑග්ග ලබාදුන් ආණ්ඩුව, අලුත් අවුරුද්දට පෙරාතුව කිරිපිටි මිල ඉහළ නංවා අවුරුදු තෑග්ගද ජනතාවට ලබා දී ඇතැයි පැවසීය.

උනුත් එකයි මුනුත් එකයි යන්න සමගි ජන බලවේගයට අදාල නොවන බව පැවසූ ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය යනු නූතනවාදී මානුෂවාදී නව දේශපාලන ව්‍යාපාරයක් බව ද පැවසීය.

විපක්ෂ නායකයාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සක්වල” වැඩසටහන මෙරට දුෂ්කර පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය හදාරන දුවාදරුවන්ගේ නවීන තාක්ෂණික දැනුම වර්ධනය කිරීම අරමුණු කොට ගනිමින් නිර්මාණය කොට ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිත අල්ලස් කොමිසමට!

කොළඹ LNW: අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු...

ඔඩෙයිත්ගේ ඇනමෝර්ෆික් ග්‍රැෆිටි ලෝකයට කිමිදෙමු!

සටහන – පුලී සැප්තැම්බර් 03, කොළඹ (LNW): පෘතුගීසි වීදි කලාකරුවෙකු...

එජාපයේ ප්‍රබලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ??

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙකු මේ සතිය තුළ අත්...

අහෝසි කරනවා කියූ PTA තවමත් ක්‍රියාත්මකයි – මානව හිමිකම් කවුන්සිලයෙනුත් වාර්තාවක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්...