Friday, March 31, 2023
spot_img

Latest Posts

රත්නපුර ප්‍රාදේශීය සභාවෙනුත් පොහොට්ටුව පරදී

රත්නපුර ප්‍රාදේශීය සභාවේ 2022 වසර සඳහා වන අයවැය ලේඛනය පරාජයට පත්ව තිබෙනවා. සභාපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය සඳහා පක්ෂව ඡන්ද 17 ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය 18 කි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙම ප්‍රාදේශීය සභාවේ බලය හිමිව තිබේ.

සභාපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 05 දෙනෙකු අයවැයට පක්ෂ වී ඇති අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 05 දෙනෙකු අයවැයට එරෙහිව ඡන්දය භාවිතා කර තිබෙනවා. ජවිපෙ මන්ත්‍රීවරයාද අයවැයට විරුද්ධ වී තිබේ.

ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතන රැසක අයවැය පරාජයට පත්ව ඇති බව පසුගිය කාලයේදී වාර්තා විය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.