රත්නපුර ප්‍රාදේශීය සභාවෙනුත් පොහොට්ටුව පරදී

Date:

රත්නපුර ප්‍රාදේශීය සභාවේ 2022 වසර සඳහා වන අයවැය ලේඛනය පරාජයට පත්ව තිබෙනවා. සභාපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය සඳහා පක්ෂව ඡන්ද 17 ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය 18 කි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙම ප්‍රාදේශීය සභාවේ බලය හිමිව තිබේ.

සභාපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 05 දෙනෙකු අයවැයට පක්ෂ වී ඇති අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 05 දෙනෙකු අයවැයට එරෙහිව ඡන්දය භාවිතා කර තිබෙනවා. ජවිපෙ මන්ත්‍රීවරයාද අයවැයට විරුද්ධ වී තිබේ.

ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතන රැසක අයවැය පරාජයට පත්ව ඇති බව පසුගිය කාලයේදී වාර්තා විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු – ජනපති අනුරාධපුරයේදී කියයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

Crete දූපතට දකුණින් බෝට්ටුවක් පෙරළීමෙන් 17 දෙනෙකුට ජීවිත අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ඊයේ (06) දින...

අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳ...