රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW:
පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්‍රමික ඒකකයේ නිළධාරින් විසින් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තවත් දුරකතන උපාංග කිහිපයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී ආවරණ ඉවත් කරන ලද දුරකතන චාජර් දෙකක්, හෑන්ඩ් ෆ්‍රී එකක් සහ ඩේටා කේබලයක් හමුවී ඇති අතර, පසුගිය දිනවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදීද එවැනිම ආකාරයේ උපකරණ රැසක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.


