National Electricity Policy සඳහා මහජන අදහස් ලබා ගැනීම ඇරඹෙයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW :

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, ජාතික විදුලිබල ප්‍රතිපත්තියේ (National Electricity Policy) කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙන බව සඳහන් වේ.

එම කෙටුම්පත මේ වන විට https://energymin.gov.lk/ යන බලශක්ති අමාත්‍යංශ වෙබ් අඩවියේ සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් පළ කර ඇති අතර, මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙතින් අදහස් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙතොත්, 2026 ජනවාරි 09 වන දින හෝ එදිනට ප්‍රථම පහත සඳහන් ක්‍රමවේද ඔස්සේ ලබා දිය හැකි බව පවසයි.

විද්‍යුත් තැපෑල : [email protected]

ලිපි මගින් : ලේකම්, බලශක්ති අමාත්‍යාංශය, අංක 437, ගාලු පාර, කොළඹ 03.

ෆැක්ස් අංකය : 0112 574 752

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා දුරකථන අංකය : 0112 574 922 (දිගු අංකය 509/ 510/ 403) ඇමතීමෙන් ලබා ගත හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...

ශ්‍රී ලාංකිකයින්ට නැවතත් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා අවස්ථා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW ! ශ්‍රී ලාංකිකයින්ට නැවතත්...