ලාල්කාන්ත මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණයට!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් පසු විශේෂ ගොවිපළක් වන දිගන මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා එක්ව තිබේ.

එම ගොවිපළේ බැටළු ගාල් පිළිබඳ විශේෂ නිරීක්ෂණයක් සිදුකර තිබෙන අතර කුණාටුවෙන් යම් බලපෑමක් සිදුවුවත් කිසිදු සතෙකුට හානියක් සිදු නොවුණු හෙයින් සතුන් ප්‍රමාණය වැඩිකොට ගොවිපළ ආදායම ඉහළට ගෙන ඒම පිළිබඳව එහිදී ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ජා කර ඇත.

නව සේවකයන් බඳවා ගැනීම, ගාල් ප්‍රමාණය වැඩිකිරීම,එමඟින් සතුන් ප්‍රමාණය වැඩි කිරීමට ආණ්ඩුව පාර්ශවයෙන් ලැබිය යුතු අවශ්‍ය සියල්ල ලබා ගැනීමට නිලධාරීන් සමඟ සාකච්ඡා කොට අමාත්‍යංශය දැනුවත් කරන ලෙසයි අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

මහබේරියතැන්න NLDB ගොවිපළේ නිෂ්පාදන සහිත අලවිසැලක් ද ආයතනය විසින් පවත්වාගෙන යන අතර ඒ හා සමගාමීව විදේශ සංචාරකයන් අරමුණු කොට ගෙන Coffee Shop ස්ථානයක් ද පවත්වාගෙන යයි. ලෝකයෙන්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික කෝපි විශේෂයක් මෙහිදී ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. මෙම ප්‍රභේදයන් තවත් වැඩිදියුණු කොට සංචාරක ආකර්ෂණය ලබා ගැනීම සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් සිදු විය යුතු කාරණා කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇත.

වඩා කාර්යක්ෂම හා දියුණු තත්ත්වයකට පශු සම්පත් ක්ෂේත්‍රය ගෙන ඒමේ ක්‍රියාවලිය තුළ NLDB ගොවිපළවල් දියුණු කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...

ඩෙන්මාර්කය පුරා ඇති වීදි ලාම්පු රතු පාට වෙන්නට හේතුව කුමක් වේද? 

සටහන – පුලී ජනවාරි 18, කොළඹ (LNW): රට තොට විස්තර...