මෝදිගේ මෑණියන් හීරාබෙන් මියයයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් වන හීරාබෙන්, අද (30) අලුයම 3.30 ට අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස ඇය මියගොස් ඇත්තේ අහ්මදබාද් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විටය.

99 හැවිරිදි හීරාබෙන්, පසුගිය දා රෝහල්ගත කෙරුණේ වයසත් සමඟ ඇතිවුණු රෝගාබාධ හේතුවෙනි.

නවදිල්ලියේ රාජකාරිවල නියැලෙමින් සිටි, අග්‍රාමාත්‍ය මෝදි කඩිනමින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අහ්මදාබාද් බලා පිටත්ව ගිය බවත් රාජකාරි කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කරන බවත් පවසා ඇත.

මෑණියන්ගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මෝදි සිය ටිව්ටර් ගිණුම හරහා සොව පළ කර ඇත.

රෂිකා හෙන්නායක