ෂම්මිගේ දියණියගේ මංගල උත්සවයේදී හමුවුණු රාජපක්ෂලා දෙන්නා …

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ දියණියගේ විවාහ මංගල්‍ය උත්සවය ඊයේ (29) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඊයේ රාත්‍රියේ එම උත්සවයේදී හමුවුණු රාජපක්ෂලා දෙදෙනෙකි.

එයින් එක් අයකු කවුරුත් හඳුනන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ ය.

නාමල් රාජපක්ෂ මේ වනවිට ආණ්ඩුව බරපතළ ලෙස විවේචනය කරමින්, අයවැයට පවා ඡන්දය ප්‍රකාශ නොකර සිටිමින් ආණ්ඩුව තුළම ආණ්ඩු විරෝධයක් පෙන්නුම් කරමින් සිටින මන්ත්‍රීවරයෙකි.

අනෙත් කෙනා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම ආධාරකරුවකු සහ හිතවතෙකු වන කොළඹ නගරසභාවේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ ය.

කිත්සිරි රාජපක්ෂ යනු රනිල් වික්‍රමසිංහ මහතාට තනතුරු ඇති කාලයේදී මෙන්ම නැති කාලයේදීත් ඒ මහතාට එක සේ ලැදිව, පක්ෂපාතීව ළඟින්ම සිටින අයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...