ඉන්ධන හල් අවදානමක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට  දෛනික ඉන්ධන අලෙවිය 40%කින් පමණ පහළ බැස ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

රටේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයේ තිබූ සමයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් පන්දහසක් ( ටොන් 50,00) පමණ දිනකට අලෙවි වුවත් මේ වනවිට දිනකට අලෙවි වන පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් දෙදහසකින්( 2,000) පමණ අඩුවී ඇති බව සඳහන් වේ.

එමෙන්ම ඩීසල් අලෙවිය ද මෙට්‍රික් ටොන් එක්දහස් අටසියයකින් (1,800) පමණ පහළ වැටී    ඇති අතර , සාමාන්‍ය තත්ත්වය යටතේ දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් හාරදහස් අටසියයක් (4,800) ක් පමණ අලෙවි වුවත් මේ වනවිට දිනකට අලෙවි වන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් තුන්දහසක (3000) පමණ ප්‍රමාණයකි.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, ලබන 01 වැනිදා පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල පිළිවෙළින් රුපියල් හතළිස් දෙකකින් හා ඩීසල් ලීටරය රුපියල් හතළිස් පහකින් වැට් බද්ද නිසා ඉහළ දැමුවහොත් ඉන්ධන අලෙවිය තවත් පහළ වැටෙන අතර, තෙල් අලෙවිය ඒ ආකාරයට අඩුවී ගියහොත් ඉන්ධනහල් පවත්වා ගෙන යෑමට නොහැකි වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...