ජාතික රෝහලෙන් අනපේක්ෂිත මරණයක්. ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දීලා?

Date:

කොළඹ LNW:කොළඹ ජාතික රෝහලෙන් අනපේක්ෂිත මරණයක් වාර්තා වී තිබේ.

අදාළ රෝගියා පියයුරු සම්බන්ධ ශල්‍යකර්මයක් සඳහා නේවාසිකව සිට ඇති අතර එම ශල්‍යකර්මය ද සාර්ථකව සිදුකර ඇත. ශල්‍යකර්මයෙන් අනතුරුව ප්‍රකෘති තත්ත්වයට පැමිණීම සඳහා ඔක්සිජන් ලබාදීම සිදුකරන අතර මරණය සිදුව ඇත්තේ එම කාරණය පදනම් කරගෙනය.

ඔක්සිජන් ලබා දීමේදී විශාල කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ශරීර ගතවී රෝගියා මරණයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

එය මේ වන විට රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ගද තහවුරු කර ඇත.

ප්‍රශ්නය වන්නේ ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීම ද නැත්නම් කිසියම් හෝ ආකාරයකින් මෙම වායුන් දෙක සම්බන්ධ වීමක් සිදුවී ඇත්ද නැත්නම් ඔක්සිජන් අපිරිසිදු වී ඇත්ද යන්න පිළිබඳ විමර්ශනය කළ යුතු බවයි. ඒ අනුව ඒ පිළිබඳ ජාතික රෝහල තුළ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි කියවුණේ.

සිදුව ඇති මෙම අනපේක්ෂිත මරණය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ එම මරණය වාර්තා වන්නේ ශල්‍යකර්මය සම්බන්ධ ප්‍රශ්නයක් නොවන අතර රෝහලේ සත්කාර සේවයේ පවතින ගැටළුවක් බවයි.

ඒ අනුව එවැනි වැරදි සිදුනොවීමට මෙම සිද්ධිය යට නොගසා සැබෑවටම සිදුව ඇත්තේ කුමක්ද යන්න හෙළිදරව් විය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

මෙලෙස අනපේක්ෂිත ලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි හැට එක් වියැති අවිවාහක කාන්තාවකි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...