ජාතික රෝහලෙන් අනපේක්ෂිත මරණයක්. ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දීලා?

Date:

කොළඹ LNW:කොළඹ ජාතික රෝහලෙන් අනපේක්ෂිත මරණයක් වාර්තා වී තිබේ.

අදාළ රෝගියා පියයුරු සම්බන්ධ ශල්‍යකර්මයක් සඳහා නේවාසිකව සිට ඇති අතර එම ශල්‍යකර්මය ද සාර්ථකව සිදුකර ඇත. ශල්‍යකර්මයෙන් අනතුරුව ප්‍රකෘති තත්ත්වයට පැමිණීම සඳහා ඔක්සිජන් ලබාදීම සිදුකරන අතර මරණය සිදුව ඇත්තේ එම කාරණය පදනම් කරගෙනය.

ඔක්සිජන් ලබා දීමේදී විශාල කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ශරීර ගතවී රෝගියා මරණයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

එය මේ වන විට රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ගද තහවුරු කර ඇත.

ප්‍රශ්නය වන්නේ ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීම ද නැත්නම් කිසියම් හෝ ආකාරයකින් මෙම වායුන් දෙක සම්බන්ධ වීමක් සිදුවී ඇත්ද නැත්නම් ඔක්සිජන් අපිරිසිදු වී ඇත්ද යන්න පිළිබඳ විමර්ශනය කළ යුතු බවයි. ඒ අනුව ඒ පිළිබඳ ජාතික රෝහල තුළ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි කියවුණේ.

සිදුව ඇති මෙම අනපේක්ෂිත මරණය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ එම මරණය වාර්තා වන්නේ ශල්‍යකර්මය සම්බන්ධ ප්‍රශ්නයක් නොවන අතර රෝහලේ සත්කාර සේවයේ පවතින ගැටළුවක් බවයි.

ඒ අනුව එවැනි වැරදි සිදුනොවීමට මෙම සිද්ධිය යට නොගසා සැබෑවටම සිදුව ඇත්තේ කුමක්ද යන්න හෙළිදරව් විය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

මෙලෙස අනපේක්ෂිත ලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි හැට එක් වියැති අවිවාහක කාන්තාවකි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති!

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා...

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අමෙරිකාව ගත් තවත් බරපතල තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය...