රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සහ පොලීසියට හැකර් ප්‍රහාරයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියටත් සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම වෙබ් අඩවියෙහි “අතිවිශේෂ ගැසට් නිවේදන” ප්‍රකාශයට පත්කර ඇති කොටසට ගියවිට එහි ඉහළින්ම ඇති ගැසට් නිවේදන තුනක මාතෘකා වෙනස් කරමින් පහත සඳහන් පණිවිඩය සටහන් කර ඇත.

එමෙන්ම අංක 2416/51 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම මකා දමා ඒ වෙනුවට පහත සඳහන් පණිවිඩය ඇතුළත් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් නාලිකාව ද ඊයේ (දෙසැම්බර් 30) දිනයේදී සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබුණු අතර එහි පරිපාලනය සම්පූර්ණයෙන්ම හැකරුන් අතට පත්ව තිබිණි.

රටේ අතිශයින්ම වැදගත් ආයතනවල වෙබ් අඩවි, යූටියුබ් නාලිකා මේ ආකාරයෙන් සයිබර් ප්‍රහාරවලට ලක්වීම ශ්‍රී ලංකා රජයේ දත්ත පද්ධතිවල ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...