දකුණු දිග ඇමෙරිකාවට ටොනේඩෝ තත්ත්වයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමෙරිකාවේ ටෙක්සාස් / උතුරු කැරොලයිනා / ලුවිසියානා / ජෝර්ජියා හා ආකන්සස් යන ප්‍රාන්තයන්ට ටොනේඩෝ හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවත්, දකුණු දිග ඇමෙරිකාවට බලපෑ එම ටොනේඩෝ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටොනේඩෝ 40ක් පමණ එම ප්‍රදේශයන්ට බලපා ඇති බවයි වාර්තා වන්නේ. දැවැන්ත දේපළ හානි සිදුව ඇති අතර දහස් ගණනක පිරිසකට විදුලි බලය අහිමි වු බව ද සඳහන් වේ. මිසිසිපි ටෙක්සාස් හා උතුරු කැරොලයිනා යන ප්‍රදේශයන්ගෙන් මරණ වාර්තා වී තිබෙන අතර, ඇමෙරිකාවට බලපාන ටොනේඩෝ හේතුවෙන් සෑම වසරකම පුද්ගලයින් 80 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන බව එරට ජාතික කාලගුණ සේවය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ලේ පාසල් 231ක් smart වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අද ...

බංග්ලාදේශයේ ‘නොපෙනෙන’ දරුවන්ගේ අනාගතය වෙනස් කළ සුවිශේෂී පියවර…

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ පිහිටි ලොව...

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසිම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...