ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට ඉන්දියාව සමඟ නව ගිවිසුමක්!

Date:

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 61ක් ලංකා IOC සමාගම හා එක්ව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඒ අද (31) මීට සුළු මොහොතකට පෙර අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 51%ක කොටස් හිමිවන ලෙස පිහිටුවන නව සමාගමක් හරහායි මෙම තෙල් ටැංකි සංවර්ධනයට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසුවේ.

දැනට IOC සමාගම භාවිතා කරන තෙල් ටැංකි 14ක් පමණ තවත් වසර 50ක කාලයක් ඔවුන්ටම බදු දීමට බලාපොරොත්තු වන බවයි.

ඉතිරි තෙල් ටැංකි 61ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ට කොටස් 51%ක් සහ ඉතිරි 49% ලංකා IOC සමාගමට අයත්වන ලෙස ට්‍රින්කෝ පෙට්‍රෝලියම් සමාගමට පැවරීමට නියමිතයි. මෙම සමාගම තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් වන අතර අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 7 දෙනාගෙන් 4 දෙනෙක්ම පත්කරන්නේ තෙල් සංස්ථාවෙනි.

“IOC සමාගම භාවිත කරන තෙල් ටැංකි 14 පමණක් තව වසර 50කට ඔවුන්ට බදු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතිරි ටැංකි 61ක ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ට කොටස් 51%ක් තිබෙන ඉතිරි 49% ලංකා අයි ඕ සී සමාගමට තිබෙන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් සමාගමට පැවරෙනවා. මෙම සමාගම තෙල් සංස්ථාවේ පාලිත සමාගමක්. කොටස් බහුතරයක් තෙල් සංස්ථාවට තිබෙන්නේ. අධ්‍යක්ෂ මණ්ඩලයේ හත්දෙනාගෙන් හතර දෙනෙක් පත්කරන්නේ තෙල් සංස්ථාවෙන්. සභාපතිධූරය හිමිවන්නේ තෙල් සංස්ථාවට. ඒ වගේම විගණකාධිපතිවරයා විගණනය කරන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ඉහළ නිලධාරීන් ගෙන්වලා ප්‍රශ්න කරන්න පුළුවන්, සමාගම ගැන විෂයභාර ඇමතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න පුළුවන් ආකෘතියක සමාගමක් විදියටයි මේ සමාගම ස්ථාපිත කෙරෙන්නේ. තෙල් සංස්ථාව ඝෘජුව ලබාගන්න ටැංකි 24 සහ තෙල් සංස්ථාවේ පාලිත සමාගම හරහා ලබාගන්නා ටැංකි 61 කියන දෙක එකට ගත්තහම සමස්ථ ටැංකි 99න් 85කම පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබෙනවා. ලංකාIOC සමාගමේ පාලනයට පැවරෙන්නේ ටැංකි 14ක් පමණයි.” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී පවසන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...