අලුත් අවුරුද්ද කොහොමද දැං සැපද කියලා අපි නං අහන්නෙ නෑ – මනුෂ නානායක්කාර

Date:

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ඇතුළු අර්බුද ගණනාවක් සඳහා විසඳුම් යෝජනා කරමින් සමගි ජන බලවේගය නව වසර ආරම්භ කරන බව එම සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා. අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

වසර මුලදී පැවති එළවලු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වසර අවසානය වනවිට තුන් හතර ගුණයකින් වැඩි වී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ නව වසර සැමරීම සඳහා ජනතාවට කිසිදු සහනයක් ලබාදීමට ආණ්ඩුව අසමත් වී ඇති බවයි. ඉතිහාසය තුළ ආණ්ඩුවක් වඩාත් අසාර්ථක වූ වසරක් ලෙස 2021 වසර හැඳින්විය හැකි බවද නානායක්කාර මහතා පවසනවා.

රටේ ජනතාවට කිරිබත් කෑමට සිදුවන්නේ විදෙස් රටවලින් ආනයනය කළ සහල්වලින් බවත්, එම වාසනාව හිමි වී තිබෙන්නේද ජනතාවගෙන් සුළුතරයකට පමණක් බවත් පෙන්වා දෙන මනුෂ නානායක්කාර මහතා පවසන්නේ බහුතර ජනතාව පාන් කියාගත නොහැකි තත්වයට අසරණ වී ඇති බවයි.

කෙසේ නමුත් එදා විපක්ෂයේ සිටි නායකයන් මෙන් ‘බඩුමිල කොහොමද… දැන් සැපද…’ යනුවෙන් විමසා ආණ්ඩුවට ඡන්දය ලබාදුන් 69 ලක්ෂයක් ජනතාව අපහසුතාවයට පත් කිරීමට සමගි ජන බලවේගය කිසිසේත්ම කටයුතු නොකරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...