අපේ ආණ්ඩුවේ ඇමතිවරු කිසිවෙක් අල්ලස් කොමිසමට ගෙන්වලා නෑ. පැමිණිලිකරු තමයි ගෙන්වලා තියෙන්නේ – ටිල්වින්

Date:

වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා තම පක්ෂයේ ඇමතිවරුන් කිසිවෙකුට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ටිල්වින් සිල්වා මේ බව පැවසුවේ, “වත්මන් රජයේ ඇමතිවරු හයකට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ අයථා වත්කම් සම්බන්ධ පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි” පළව තිබූ පුවතක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස, සුනිල් වටගල හා කුමාර ජයකොඩි යන අමාත්‍යවරුන් පිළිබඳව අදාළ පුවත පළ වී ඇති අතර එය මේ දිනවල සමාජ මාධ්‍යයෙහි සංසරණය වන බවත් එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් පැවසූ ඒ මහතා වත්කම් බැරකම් ලබා දුන් පසු ඕනෑම පුද්ගලයෙකුට එම වත්කම් බැරකම් පිළිබඳව සැකයක් ඇත්නම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකි අතර ඒ අනුව එක්තරා පුද්ගලයෙක් ඊට අදාළව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එම පැමිණිලිකරුට එම පැමිණිල්ලෙහි වැඩි විස්තර ලබා ගැනීම සඳහා අදාළ විමර්ශන ආයතනයට පැමිණෙන ලෙස දන්වා ඇති බවත් සඳහන් කළේය.

එසේ නොමැතිව ආණ්ඩුවේ අමාත්‍යවරු හය දෙනෙකුට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණෙන්නැයි දැනුම් දී නොමැති බව පැවැසූ ලේකම් ටිල්වින් සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ, යමෙකු පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු ඊට ක්‍රියාත්මක වීම අදාළ ආයතනයේ වගකීම බවයි.

එමෙන්ම තම පක්‍ෂයේ කිසිවෙකු මෙතෙක් අයථා අයුරින් මුදල් උපයා නොමැති බවත් ඉදිරියටත් අයථා ලෙස මුදල් උපයන්නේ නොමැති බවත් ඒ මහතා අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...

වැසි තත්වයේ වෙනසක් – අද (31) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 31) දිනයේදී උතුර, නැගෙනහිර,...