ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල් අවප්‍රමානයට පත්වීම හා උද්දමනය ඉහළයාම හේතුවෙන් එරට විරෝධතා අඛණ්ඩව තුන්වන දිනටත් ක්‍රියාත්මක වේ.

ඉරාන රියාල් විවෘත වෙළඳපොලේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තාගත අවම අගයකටපත් වූ විට ටෙහෙරානයේ ග්‍රෑන්ඩ් බසාර් හි සාප්පු හිමියන් වැඩවර්ජනයක් දියත් කිරීමෙන් පසු කරජ්, හමෙඩන්, කෙෂ්ම්, මලාර්ඩ්, ඉස්ෆහාන්, කර්මන්ෂා, ෂිරාස් සහ යාස්ඩ් යන නගරවල හා රටපුරා ක්‍රියාත්මක වී ඇත.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට උත්සාහ කිරීමේදී පොලිසිය කඳුළු ගෑස් භාවිතා කර තිබු අතර ඉරාන රජය ප්‍රකාශ කර තිබුණේ, විරෝධතා හඳුනා ගන්නා බවත් දරුණු හඬවල්වලට මුහුණ දුන්නත්, ඉවසීමෙන් සවන් දෙන බවත්ය. කෙසේ නමුත්, මේ වන විට එරට මහ බැංකු අධිපති මොහොමඩ්රේසා ෆර්සින්ගේ ඉල්ලා අස්වී ඇති අතර ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඒ වෙනුවට හිටපු ආර්ථික හා මුදල් අමාත්‍ය අබ්ඩොල්නාසර් හෙම්මාටි පත්කර ඇත.

ඊයේ(29)දිනයේදී ෆ්ලොරිඩාවේ පැවති එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර හමුවකදී ඉරානය සම්බන්ධයෙන් විශාල වශයෙන් සාකච්ජා වී ඇති අතර මාධ්‍ය වේදීන් අමතමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, ඔවුන්ට බොහෝ ගැටලු ඇති බවත්, දැවැන්ත උද්ධමනය හේතුවෙන් ඔවුන්ගේ ආර්ථිකය කඩාවැටී ඇති බවත්, මිනිසුන් එතරම් සතුටින් නොමැති බවත්,

ඉරානය එහි බැලස්ටික් මිසයිල හෝ න්‍යෂ්ටික වැඩසටහන් නැවත ගොඩනඟන්නේ නම්, ඉරානයට තවත් වටයක ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කිරීමට තමා සහාය දිය හැකි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...

අපේ ආණ්ඩුවේ ඇමතිවරු කිසිවෙක් අල්ලස් කොමිසමට ගෙන්වලා නෑ. පැමිණිලිකරු තමයි ගෙන්වලා තියෙන්නේ – ටිල්වින්

වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා තම පක්ෂයේ ඇමතිවරුන්...