දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට අදාළව වන්දි මුදල් ලබා දීම සිදුකරමින් පවතින අතර විශේෂයෙන් වී ඇතුළු ධාන්‍ය වගා සඳහා දැනට හෙක්ටයාර 50,000ක් වෙනුවෙන් රු. මිලියන 7000ක් ලබා දී ඇති බව කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතා අද (31) මාධ්‍ය වෙත කරුණු දක්වමින් පැවසුවේය.

එම වන්දි මුදල ගොවියන්ගේ ගිණුම්වලට බැර කිරීම සිදුවන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

ඉතාම විනිවිදභාවයකින් යුතුව එම කටයුතු සිදුකර ඇති අතර කෘෂි නිලධාරීන් හානි වූ වගබිමට ගොස් හානිය පරීක්ෂා කර තක්සේරු කිරීමකින් අනතුරුව එම වන්දි මුදල ලබා දීම සිදුකර ඇති බව ද ජාසිංහආරච්චි මහතා පැවසීය.

ඒ අනුව පූර්ණ හානි වූ වගාබිම් වෙනුවෙන් වූ වන්දි ගෙවීම අවසන් වෙමින් තිබෙන බවද ඔහු සඳහන් කළා.

වී ඇතුළු ධාන්‍ය වගාවන්ට අදාළ හෙක්ටයාරයකට ලබාදෙන රු. ලක්ෂ එකහමාරක වන්දි මුදල තුළ රක්ෂණ මුදල, බිත්තර වී ගැනීම සඳහා වන මුදල්,පොහොර ලබා ගැනීම සියලුම කාරණා වෙනුවෙන් වූ සහන පැකේජයක් ලෙස ලබා දී ඇති බවයි ජාසිංහආරච්චි මහතා පැවසුවේ.

එමෙන්ම සෙසු එළවලු ඇතුළු වගා සම්බන්ධයෙන් සිදුව ඇති හානි වෙනුවෙන්ද වන්දි මුදල් ලබා දීම සිදුවන බව ඔහු සඳහන් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

බංග්ලාදේශයේ හිටපු නායිකාවට සමුදීමට විශාල ජනකායක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු නායකයාට...