*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

ජොන් ටාබට් කණිෂ්ඨයන්ගෙන් නව වාර්තා 16 ක් සහ එක් සම කිරීමක් – සූරයෝ ජෝෂප් වාස්,සූරියෝ ආවේ මාරියා

ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 2022 වසරේ ජාතික මට්ටමේ අවසාන මලල ක්‍රීඩා සූරතාවලිය වූවා.වසර අවසන් කරමින් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දෙසැම්බර් 28 වන දා සිට දෙසැම්බර් 30 වනදා දක්වා පැවති මෙම තරගාවලියේ බාලක සූරයින් වන්නට වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලය සමත් වුණා.බාලිකා සූරතාවය ඒ දකවා දුර නොගොස් කොළඹ සිට යන විට ඒ මඟේම අතරමැද රඳවා ගන්නට මීගමුවේ ආවේ මරියා කන්‍යාරාමය සමත් වුණා.
දින දෙකක්  නිමා වන විට එකතු වී තිබුණු නව වාර්තා හය සහ සම කිරීම අතර තිබෙන එකම බාලිකා වාර්තාව අඹගමුව මධ්‍ය විද්‍යාලයේ අවුරුදු 15 න් පහළ මීටර් 100 සහය දිවීමෙන් වාර්තා වුණා.මෑත කාලයේ විශාල පිබිදීමක් පෙන්වන අඹගමුව විද්‍යාලීය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම එම පුහුණුකරුගේ සක්‍රීයවීමත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට වැදගත්.විශේෂයෙන්ම සුගත් තිලකරත්න හඳුන්වා දීමෙන් පසුව වරින් වර දක්ෂයන් මතු කරන පුහුණුකරුවෙක් වන අනුර බණ්ඩාර වර්ථමානයේ වෙනදාටත් වඩා සමූහයක් දක්ෂතා අතරට ගෙනවිත් තිබෙනු දැකීමත් ක්‍රීඩාවට වැදගත් කාරණයක්.අඹගමුව බාලිකාවන් අවුරුදු 15 න් පහළ මීටර් 100 සහය ඉසව්වේ දී තැබූ නව වාර්තාව තත්පර 51.6 ක් විය.එසේම මෙහි දැක්වෙන අඹගමුව විද්‍යාල කණ්ඩායමේ ඡායාරූපයේ සිටින (වමේ සිට) රනුදි දහම්සා,සන්සලා හිමාෂනී සෙනවිරත්න,දුල්නුවණි මිණිමුතු,දිනුජි ඉසුරි තෙනුරිකා වන අඹගමුවේ වාර්තාගත ක්‍රීඩිකාවන් සිව් දෙනා පසුව මීටර් 400 අවුරුදු 15 න් පහළ  ඉසව්වේ ද නවා වාර්තා තැබුවා.එසේම ක්‍රීඩා උළෙලේ අඹගමුව සමස්ත බාලිකා අනු සූරතාවය දිනාගන්නටද සමත් වුණා.
සමස්ත ක්‍රීඩා උළෙලේ දී වාර්තා වූ නව වාර්තා 16, බාලක වාර්තා 10 ක් සහ බාලිකා වාර්තා 6 ක් ලෙස වාර්තා වුණා.එක් වාර්තා සම කිරීමක්ද ඒ අතර තිබුණා.වැඩිම වාර්තා ප්‍රමාණයක් වාර්තා කරන්නට සමත් වූයේ වෙන්නප්පුව ජෝෂප්වාස් විද්‍යාල කණ්ඩායමයි.ඔවුන් එිහදී වාර්තා තුනක් තැබුවේ කලක් නිහඬව සිටි පරාක්‍රම බණ්ඩාර පුහුණුකරුවාගේ නැවත ආගමනය සම්බන්ධයෙන් සතුටුදායක පුවතක් මලල ක්‍රීඩා පිටියට සමීප කරමින්.(එම ජයග්‍රහණය පිළිබඳ සටහනක් වෙනම ඉදිරියේදී තැබීමට බලාපොරොත්තු වෙනවා.) ජෝෂප් වාස් ක්‍රීඩකියින් අවුරුදු 14න් පහළ මීටර් 100 සහය දිවීමේ නව වාර්තා හිමි කර ගත්තේ තත්පර 47.5 ක දක්ෂතාවයක් දක්වමින් වූ අතර ඔවුන්ගේ අවුරුදු 13 න් පහළ මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම ද තත්පර51.4 ක දකෂතාවයක් දක්වමින් නව වාර්තාවක් තබන්නට සමත් වුණා.තත්පර 53.6 ක දක්ෂතාවයක් දැක් වූ ජෝෂප් වාස් හී විසල් ප්‍රනාන්දු අවුරුදු 14 න් පහළ මීටර් 400 ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවන්නට සමත් වුණා.


මේ වාර්තා අතරට ක්‍රීඩකයෙක් හැටියට සිය නම දෙවතාවක් එකතු කර ගන්නට සමත් වුණේ අවුරුදු 12 න් පහළ මීටර් 80 සහ මීටර් 100 යන ඉසව් ද්විත්වයේම නව වාර්තා තැබූ සවිඳු දිනුජය හෙට්ටිආරච්චි යි.මීටර් 80 ඉසව්ව තත්පර 10.1 ට සහ මීටර් 100 ඉසව්ව තත්පර 12.5 ට නිමා කරන්නට සවිඳු සමත් වුණා.

මාතර දික්වැල්ල විජිත මධ්‍ය විද්‍යාලය නම ද, දෙවතාවකදීම මෙවර ක්‍රීඩා උළෙලේ නව වාර්තා අතරට එකතු වූ අතර එම දක්ෂතාවය දැක්වීමට සමත් වුණේ අවුරුදු 13 න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්වේදී මීටර් 5.20 ක දක්ෂතාවයක් දැක් වූ එන්.ඩබ්ලිව්.ඊ.ෂෙහාරා සහ අවුරුදු 15 න් පහළ උස පැනීමේ ඉසව්වේ දී මීටර් 1.68 ක දක්ෂතාවයක් දැක් වූ වී.පී.එන්.සමාධි යන ක්‍රීඩිකාවන් දෙදෙනායි.ඒ අතරින් සමාධි මෙවර ක්‍රීඩා උළෙලේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලන ලකුණු සටහනට අනුව වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් ක්‍රීඩිකාවද වෙමින් කැපී පෙණුනා.බාලක අංශයේදී  වත්තල ලයිසියම් විද්‍යාලයේ තරුෂ මෙණ්ඩිස් එසේ වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කළේ ද උස පැනීමේ බාලක අවුරුදු 15 න් පහළ ඉසව්වේදී මීටර් 1.93 ක දක්ෂතාවයක් දක්වමින්.


අවුරුදු 15 න් පහළමීටර් 400 බාලක ඉසව්වේ දී කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ අයි.එම්.බෝගොඩ තත්පර 50.9 ක දක්ෂතාවයක් දක්වමින් ද,එම වයස් ඛාණ්ඩයේ බාලක මීටර් 400 සහය දිවීමේදී මිගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලය විනාඩි 3;38.8 ක දක්ෂතාවයක් දක්වමින් ද,අවුරුදු 13 න් පහළ මීටර් 70 කඩුලු ඉසව්ව තත්පර 11.4 න් නිම කරමින් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අකේන් ගුණතිලක ද නව වාර්තා එකතු කරා.මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය ද කළෙකට පසුව නව වාර්තා යුගළයකම හිමි කරුවන් බවට පත් කළ අවුරුදු 12 න් පහළ මීටර් 100 බාලකයින් එම ඉසව්ව තත්පර 54.5 ට නිමා කරන්නට සමත් වුණා.
බාලිකා නව වාර්තා අතරට නව වාර්තා දෙකක්ම කඩුලු පැනීමේ ඉසව්වෙන් එකතු වුණා.රන්ගිරි දඹුලු විද්‍යාලය නියෝජනය කළ ඩී.බී.බණ්ඩාර බාලිකා අවුරුදු 13 න් පහළ මීටර් 70 කඩුලු ඉසව්ව තත්පර 12.5 න් නිම කරමින් සහ විහාරගල විද්‍යාලයේ එම්.බී.උඩවෙලආරච්චි අවුරුදු 14 න් පහළ බාලිකා මීටර් 75 ඉසව්ව තත්පර 12.1 න් නිම කරමින් ද කඩුලු පැනීමේ නව වාර්තාලාභින් බවට පත් වුණා.ක්‍රීඩා උළෙලේ වාර්තා සම කිරීම සිඳු කළේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ වයි. ටී. ජයසූරිය යි.ඔහු බාලක අවුරුදු 13 න් පහළ මීටර් 200 ඉසව්ව තත්පර 25.6 න් නිමා කරමින් එම වාර්තා සම කිරීමට දායක වුණා.
තරගාවලිය තෙදිනක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දි පැවත් වුණා.මෙම ක්‍රීඩා උළෙලේ නව වර්ණලාභින් විශාල  පිරිසක් බිහිවීම ගැන අප මීට පෙර සටහනෙන් සඳහන් කළා.එය දක්ෂතා වැඩි දියුණුවීමක්ම නොවන බව වාර්තා බිහිවීම 16 සීමා විමෙන් පැහැදිළි වන අතර නමුත් නව වර්ණ ප්‍රදානය සමබන්ධයෙන් කුමන හෝ නව ප්‍රමිතියක් සැකසිම අවශ්‍යය වන්නේ එහි වටිනාකම සහ ආඩම්බරය සුරක්ෂිත කර ගැනීමටයි.තරගාවලියේ දක්ෂතා මැනීමේදී විද්‍යුත් කාලගණකයන් භාවිතාවට ගත්තේ නම් ඇතැම් විට නව වාර්තාවල ප්‍රමාණයේ වෙනසක් සිඳු වන්නට ද තිබුණා.ඒ නිසා මෙවැනි ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙලකදී ධාවන පථය අලියා වී විද්‍යුත් කාලගණක භාවිතය හෙන්ඩුව සේ නොතබා විද්‍යුත් කාලගණක භාවිතය අලියා බවට පත් වීම තරග සංවිධායකයින්ගේ පමණක් නොව ක්‍රීඩා බලධාරීන්ගේ ද දුර්වලකමක් වන අතර ජාතික වටිනාකම ඉහළ බලධාරීත්වය හඳුනාගෙන මෙවැනි ජාතික මට්ටමේ දක්ෂයන් සොයන වැඩ සටහනකට උපරිම සහය දීම ඔවුන් සිය යුතුකම කර ගත යුතුව තිබෙනවා.
පාසල් ක්‍රීඩා ගුරුවරුන් විශාල පිරිසක් නව වසරකට සිය නිවෙස් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කරන්නට හුරු පුරුදුව සිටින රටක, ඒ සියල්ල ක්‍රීඩාවට කැප කරමින් තෙදිනක් දුක් ගැහැට විඳ ගෙන දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ රැඳී සිටීමත් සමාජයේ ගුරුවරයා සම්බන්ධයෙන් වන කථිකාව ගැන සමාජයට හිතා බලන්නට හොද ඉඩක් සකස් කිරීමක් වෙනවා.තමන්ගේ දරු පවුල් දෙවැනි කොට සම්ප්‍රදායෙන් බැහැරට විත් මේ දින තුන කැප වුණ ගුරුවරුන්,විනිසුරුවන් මෙන්ම පුහුණුකරුවන් සියලු දෙනාත් මේ ක්‍රීඩා උළෙලෙන් රටේ ක්‍රීඩාවට එකතුවන ජයග්‍රහණවලට උරුම කරුවන් සේ සැළකිය යුතුයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan