30,000ක් විශ්‍රාම ගියද එය රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට බාධාවක් නෑ – ඇමති අශෝක ප්‍රියන්ත

Date:

දෙසැම්බර් 31 වන දින රාජ්‍ය සේවයේ නිලධාරීන් 30,000ක් පමණ විශ්‍රාම ගියද එය රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට බාධාවක් නොවන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් මහජන සේවාව තවදුරටත් කඩිනම් කිරීම සහ විධිමත් කිරීම අරමුණු කරගනිමින් සිදු කරනු ලබන රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ පුත්තලම දිස්ත්‍රික් වැඩසටහනට ඊයේ (30) එක් වෙමිනි.

මහජනතාවට උප්පැන්නයක් ලබාගැනීමේදී යම් අපහසුතාවක් පවතින්නේ නම් ඊට අදාළ නීති සංශෝධනය කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත්, මහජන සේවාවන් කඩිනම් කිරීම වත්මන් රජයේ අරමුණ බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී රාජ්‍ය නිලධාරීන්ට අවධාරණය කළේය.

මේ අවස්ථාව සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත්, රෙජිස්ට්‍රාර් ජෙනරාල් ප්‍රභාත් අබේවර්ධන, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක යන මහත්වරුන් මෙන්ම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...