ඖෂධ වංචාවට කෙහෙළිය විතරක් නෙවෙයි ඔහු රකින්න අත ඉස්සූ 113ත් වගකිව යුතු යි – සජිත් (VIDEO)

Date:

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඇතුළු ඖෂධ ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ සිදුවූ හොරකම්, දූෂණ හා වංචා සම්බන්ධ විමර්ශනයක් මේ වන විට සිදු වෙමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම හඬ නැගුවේ සමගි ජන බලවේගය බවත් සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රිවරයකු වන වෛද්‍ය කාවින්ද ජයවර්ධන මැතිතුමා අතුළු පක්ෂයේ සියලු දෙනාම එකට එකතු වී විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම් එකට එකතු කර විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අවස්ථාවේ සෞඛ්‍ය ඇමතිවරයාව 113 දෙනකු ආරක්ෂා කළ අවස්ථාවේ සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ 73ක් එයට පක්ෂව ඡන්දය ලබා දුන් බවත් මේ දූෂණ වංචා සියල්ලටම එවක සෞඛ්‍ය ඇමතිවරයා පමණක් නොව ඔහුව රැකගන්න පාර්ලිමේන්තුවේ කටයුතු කළ 113 දෙනාම එක හා සමානව වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

කෙහෙලිය රඹුක්වැල්ලට පක්ෂපාතී වී ඔහු වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් සොයා බලන ලෙස ලක්ෂ 220ක් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම 113 දෙනාත් මේ හොර ඖෂධ වංචාවට සම්බන්ධ වූ අය බවත් මේ සියලු දෙනාම ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 58 වැනි අදියර යටතේ අනුරාධපුර, කලා වැව මුස්ලිම් විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...