මෙනින්ජයිටිස් හෙවත් මොළේ උන රෝගය වැළඳීම හේතුවෙන් මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු මියගොස් තිබේ.
මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි බන්ධානාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මෙසේ මියගොස් ඇත්තේ වළස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකි.
RN