පොලීසියට ලකුණු 5- 16 ක පරාජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): නිපොන් පේන්ට් ජාතික රග්බි ලීග් සූරතාවලියේ පොලීස් කණ්ඩායම සහ හැව්ලොක් කණ්ඩායම අතර පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් හැව්ලොක් කණ්ඩායම ලකුණු 16 – 5 ක් ලෙස ජය ගන්නට සමත් වුණා.මෙහිදී දෙපිළෙන්ම එක් උත්සාහක දිණුම බැඟින් වාර්තා වූ අතර හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් රන්දිත වර්ණපුර උත්සාහක දිණුම වාර්තා කරන්නට සමත් වුණා.එම උත්සාහක දිණුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත ඊට අමතරව හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 16 කරා යන්නට දඬුවම් පහර තුනක් ද එකතු කරන්නට සමත් වුණා.


කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී ගුවන් හමුදාවට මුණ ගැසුණේ මේ දක්වා අඛණ්ඩව සූරතාවය රැක ගෙන සිටින මහනුවර ක්‍රීඩා සමාජයයි.මුල් අර්ධයේදී ලකුණු 6 – 5 ක් ලෙස පෙරමුණ ගන්නට ගුවන් හමුදාව සමත් වුණත් දෙවන අර්ධයේදී සුපුරුදු පරිදි දස්කම් අතරට පැමිණි මහනුවර කණ්ඩායම තරගය නිමාවේ දී ලකුණු පූවරුව මහනුවර ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණයට නතු වන ලෙස ලකුණු 13 – 30 ක් ලෙස ප්‍රදර්ශනයට තැබීමට සමත් වුණා.


පොලිස් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිණුම හිරන්ත පෙරේරා විසින් වාර්තා කරන්නට සමත් වුණා.තරගයේ දැක ගන්නට ලැබුණු කහකාඩ් පත් අවවාද දෙකම හිමි වුණේ හැව්ලොක් ක්‍රීඩා සමාජයට වූ අතර එම කහකාඩ් පත් අවවාදයට ලක් වුණේ ජයතු රාජරත්න සහ ෆායිස් අබ්දුල්ලා යන ක්‍රීඩකයින් දෙදෙනායි.


පළමු අර්ධය නිමාවන විට ලකුණු 13 – 0 ක් ලෙස ඉදිරියෙන් සිටි හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව දෙවන අර්ධයේදී උත්සාහක දිණුමක් ලබා ගත් පොලීසිය හැව්ලොක් කණ්ඩායම එක් දඩුවම් පහරකට පමණක් සීමා කරන්නට සමත් වුව ද,මුල් අර්ධයේ ලබා ගත් වාසිය මත අවසාන ප්‍රතිපලය ලකුණු 16 – 5 ක් ලෙස හැව්ලොක් කණ්ඩායමට ජය හිමිවෙමින් තරගය නිමාවට පත් වුණා.


ගුවන් හමුදාව සහ මහනුවර කණ්ඩායම් අතර තරගයේදී ගුවන් හමුදා කණ්ඩායම වාර්තා කළ ලකුණු 13 එක් උත්සාහක දිණුමකින්,එහි ප්‍රවර්ථනයෙන් සහ දඬුවම් පහර දෙකකින් වාර්තා කරන්නට සමත් වුණා.සඳළු මන්දෙව් විසින් රැස් කළ උත්සාහක දිණුමේ ප්‍රවර්ථනය සාර්ථක කර ගන්නට නඳුන් ගුණසේකරට හැකි වුණා.දඩුවම් පහර දෙකම වාර්තා කරන්නට සමත් වුණේ ගයාන් ඉද්දමල්ගොඩ විසින්.
මහනුවර ප්‍රහාරයේ දී සුරංග කසුන් සහ තරිඳු චතුරංග උත්සාහක දිණුම් දෙක බැඟින් ද,ලක්ෂිත රණවීර එක් උත්සාහක දිණුමක් ද ලබා ගන්නට සමත් වුණා.මෙ උථ්සාහක දිණුම් පහෙන් එක් ප්‍රවර්ථනයක් සාර්ථක කර ගන්නට සමත් වූ ආසිරි සෙනවිරත්න එක් දඬුවම් පහරක්ද සාර්ථක කර ගන්නට සමත් වුණා.
මේ තරගයේදී ද දැක ගන්නට ලැබුණේ කහකාඩ් පත් අවවාද දෙකක් පමණයි.ඒ දෙකම මහනුවර ක්‍රීඩා සමාජයට හිමි වුණා.ලවන්ග පෙරේරා මෙන්ම අවසාන මොහොතේදී මහනුවරට උත්සාහක දිණුම් දෙකක් ද ලබා දෙන්නට දායක වූ තරිඳු චතුරංග ඒ ආකාරයට කහකාඩ් අවවාදවලට ලක් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...