ප්‍රවීණ මාධ්‍යවේදි අභාවප්‍රාප්ත ලූෂන් රාජකරුණානායක මහතාගේ අවසන් කටයුතු හෙට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, කොළඹ (LNW): අභාවප්‍රාප්ත , ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ ලූෂන් රාජකරුණානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කෙරෙන බව සඳහන් වේ.

හැටේ දශකයේදී පුවත්පත් කලාවට පිවිසි ඒ මහතා ඉංග්‍රීසි භාෂාවෙන් සිය මාධ්‍ය කටයුතු සිදු කළ අතර, ප්‍රවීණ තීරුලිපි රචකයෙකු වූ ලූෂන් රාජකරුණානායක මහතා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයකු ද වේ.

ජනාධිපති කාර්යාලයේ පර්යේෂණ සහ විශ්ලේෂණ අධ්‍යක්ෂවරයෙකු ලෙස කලක් කටයුතු කළ ඒ මහතා ඉංග්‍රීසි පුවත්පත් කිහිපයකම සංස්කාරකවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

ලූෂන් රාජකරුණානායක මහතාගේ පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 3.00 ට බොරැල්ල සුසාන භූමියේදී සිදු  කිරීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ පැවැති මහ...