රොනා­ල්ඩෝට මොකද වුණේ..?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය දා සවුදි අරා­බියේ ප්‍රෝ පාපන්දු ලීගයේ අල්-ෂබාබ්ට එරෙහි තර­ගය ජය­ග්‍ර­හ­ණය කිරී­මෙන් පසු ප්‍රේක්‍ෂ­ක­යන් කුපි­ත­වන සේ අභි­නය පෑමෙන් වර­දක් කළ බවට තහ­වුරු වූ අල් නසාර් ක්‍රීඩා සමා­ජ­යට ක්‍රීඩා කරන ඉදිරි පෙළ ක්‍රීඩක ක්‍රිස්ටි­යානෝ රොනා­ල්ඩෝට තරග තහ­න­මක් සමඟ සවුදි රියාල් 30,000ක (ශ්‍රී ලංකා රුපි­යල් ලක්ෂ 25ක) දඩ­යක් නියම කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පෘතු­ගාල නායක 39 හැවි­රිදි රොනාල්ඩෝ කනට අත තබා ක්‍රීඩා ලෝලීන්ට සංඥා­වක් කිරීම වර­දක් බව සවුදි අරාබි පාපන්දු සම්මේ­ල­නය කළ පරී­ක්ෂ­ණ­ය­කදී තහ­වු­රුවී තිබේ. සවුදි අරාබි පාපන්දු සම්මේ­ලන විනය හා ආචාර ධර්ම කමි­ටුව පැව­සුවේ මේ තීර­ණ­යට එරෙ­හිව රොනා­ල්ඩෝට අභි­යා­චනා කළ නොහැකි බවයි.

රොනාල්ඩෝ 2022 දෙසැ­ම්බර් මාස­යේදී මැන්චෙ­ස්ටර් යුන­යි­ටඩ් පිලෙන් ඉවත්වී අල් නසාර් ක්‍රීඩා සමා­ජ­යට එක්වූයේ ඉති­හා­සයේ විශා­ල­තම පාපන්දු වැටුප සඳ­හාය. ඔහු මේ වාරයේ ලීග් තරග 22කදී ගෝල 20ක් රැස් කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...